(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමින් යුතු, නීති විරෝධී ගබ්සා පෙති තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බම්බලපිටියේ ඖෂධ අලෙවිහලකින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.
මෙම ස්ථානය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා පොලිසිය එක්ව මෙම වැටලීම කර තිබුණි.
මෙය බලපත්‍රලාභී ඖෂධ අලෙවිසැලක් බවත්, සැකකරු සෙසු ඖෂධ අලෙවි කරන අතර ගබ්සා පෙති අලෙවි කර ඇති බවත් එම අධිකාරිය පවසයි.
මෙම ගබ්සා පෙති රුපියල් 8,000- - 10,000ත් අතර මුදලකට අලෙවි කර ඇතැයිද අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුල් පරීක්ෂණ අවශ්‍යයි.
නූපන් දරුවන් මරණ මෙවන් පාපතරයින්ට මෙන්ම එම පාපතරයින්ගේ සියලුම පව්ල්වලට හෙන හතම වැදේවා...!!! මෙම පාපකර්මයට වචනයකින් හෝ සම්බන්ධ සියලුම පාදඩයින්ට හා ඒ ඒ පවුල් වලට මෙලොවදීම නිසි දඬුවම් ලැබී විනාශ මුඛයට පත්වේවා...!!!
අප අදාල ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම ඖෂධ අලෙවිසැලේ නම සඳහන් කරන ලෙසයි. එය ඔබලා මහජනතාව වෙනුවෙන් කරන මහඟු මෙන්ම අගනා සේවයකි. එමගින් මෙවන් පාදඩ ක්‍රියාවන්ට නිරතවීම කිසියම් හෝ අඩුවක් වෙනු නියතයි. මක්නිසාදයත් අපි නීතිවිරෝධී වැඩ කළොත් අපගේ වෙළඳ ආයතනයේ නම ප්‍රසිද්ධ වනබැවින් එමගින් විශාල වෙළඳ පාඩුවක් සිදුවෙනවා යන බිය නිසා... එමෙන්ම මොවුන්ට විකුණන්න පුළුවන් නම් කඩේ නම ප්‍රසිද්ධ වුණාට මොකද වෙන්නේ?
නූපන් දරුවන් මරණ මෙවන් පාපතරයින්ට මෙන්ම එම පාපතරයින්ගේ සියලුම පව්ල්වලට ඔය කියන ඒවා නොවැදේවා...! දෙවියන්ගේ නාමයෙන්
ගබ්සා පෙති කියලා දෙයක් මේ රටේ නම් නැහැ. "ඩෙ අෆ්ටර්" කියලා පෙත්තක් නම් තිබෙනවා. ඒ පෙති යමක් සිදුවුණු දිනට පසුදින දරුගැබක් ඇති නොවන්න ගන්න පෙත්තක්. ලංකාවේ මොන වසක් විකුණනවද කියලා සොයා බලන්න ඕනේ... කවුරුත් ලොකුවට නූපන් දරුවන්ගේ ආරක්ෂාව ගැන කතා කෙරුවට දරුවා ලබුණයින් පසු මවට කිසිම අනුකම්පාවක් නැ. මේ රටේ සැමියෙක් සිටියත්, නැතත් රජයෙන් උපකාර කරනවා. ඒ නිසා අනවශ්‍ය දරුවන්ගේ ජීවිත බේරෙනවා.
මෙතන නිකන් කට්ටිය කුලියට කහැලා වැඩක් නැහැ. සිංහල ජාතිය කොහොමත් වඳ වෙනවා.ආයේ අමුතුවෙන් වඳ බෙහෙත් දීලා වඳ කරන්න දෙයක් නැහැ. ළමයෙක් හම්බ වෙන්න රජයේ රෝහලකට යනවා වඩා හොඳයි අපායට යනවා. මව්වරුන්ට සලකන්නේ සත්තුන්ට වගේ. පෞද්ගලික රෝහලකට ගියොත් හේතුවක් අවශ්‍ය නැහැ. ගාන කඩා ගන්න සිසේරියන් සැත්කම් කරනවා. රැකියාව නිමවෙලා ගෙදරට වෙලාවට එන්න විදිහක් නැහැ. එක දේශපාලන කණ්ඩායමක් ඔවුන්ට බලය ලබාගැනීමට රට පුරාම සෑම අංශයකම වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරලා,එහෙම තත්වයක් තියෙද්දී ගෙදර ඇවිල්ලා ආදරය කරලා ළමයි හදන්න පුලුවන්ද?හෙට අනිද්දා වෙද්දී එකිනෙකා මරාගෙන කන තත්වෙට පත් වෙලා ඉන්න මිලේච්ජ ජාතියක් කියලා තේරුම් ගන්න.
අර දොස්තර ශාෆිගේ ඉතුරු වෙච්ච බෙහෙත් ටිකලු........
වැරදිකරු විකුණන මිනිහා නෙමෙයි, ගැහැණියත් නෙමෙයි. පිරිමිකම නැතිකමයි...
ඉල්ලුමට අනුව සැපයුම.......
කුමා, ඉතා වටිනා අදහස් ප්‍රකාශ කිරීමක්. මේක සමහර අයට දිරවන්නේ නැහැ. ඇත්ත කතා කෙරුවොත් අකමැති අය වැඩි.