(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගත යුතු වයස් සීමාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික පිරිසක් මේ දක්වා පළමු එන්නත් මාත්‍රාව හෝ ලබාගෙන නොමැති යැයි හෙළි වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ‘කොවිඩ්’ මර්දන දෙවැනි එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් ලක්‍ෂ 62 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා ‘බූස්ටර්’ මාත්‍රාව ලබාගෙන නොමැති බවත් 5,942,255 ක් පමණක් මේ දක්වා ‘බූස්ටර්’ එන්නත ලබාගෙන ඇති බවත්ය.
මෙරට එන්නත ලබාගත යුතු වයස් සීමාවේ 16,000,981 ක් පළමු එන්නත ලබාගෙන ඇති අතර ඉන් 14,027,528 ක් දෙවැනි එන්නත ලබාගෙන තිබේ.