(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවන්නැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යෝජනා කළේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා අතර  සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ඉහත යෝජනාව සිදු කළේය.

ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට 28 වැනිදා පිලිපීනයට ගියේය.