(අංජුල මහික වීරරත්න)

ගවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් නැතැයි එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඉන්දියාවේ සිට ගවරා නමැති ගව විශේෂයක් මෙරට වනාන්තරවලට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි මාධ්‍යවල පළවන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අමාත්‍යාංශය මෙි බව සඳහන් කරයි.

මෙම තොරතුරු සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවෙන්  සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන්  කරුණු විමසීමක් කර ඇති අතර මේ සම්බන්ධව කිසිදු තොරතුරක්  නොදන්නා බව ද එම දෙපාර්තමේන්තු දෙකේම අධ්‍යක්ෂ ජනරාල්වරුන් පවසා තිබෙි.