(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි ව්‍යාපාර ගොඩ නැගීම සඳහා කැපවී ක්‍රියා කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ (AHK Sri Lanka) ප්‍රධාන නියෝජිතවරිය වන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් (Marie Antonia von Schönburg) මෙනවිය දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සහ දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවෙිදී අවධානය යොමු කෙරිණි.
ලංකාවේ ඇති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු බව රුවන් විජයවර්ධන මහතා කීය.
AHK Sri Lanka ආයතනික කටයුතු සහ අපනයන ප්‍රවර්ධන ප්‍රධානී Malintha Gajanayake මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම්ම් සහතිකේටම කියනවනම් ගමේ ඉස්කෝලවලත් ජර්මන් භාෂාව උගන්වන්න දැන්ම පටන් ගත්තොත් නරකද? නැතිනම් ජර්මන් කොම්පැනිවල රස්සා ටිකත් කොළඹටම සින්න වෙයි.