
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඉල්ලීම අනූව ලංකාවෙි රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙරට රිලවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතය. ලංකවෙි රිලා ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙන අතර මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිලවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව මරාගෙන කන්න වෙන්න ඇති ඉල්ලන්නේ නැත්නම් ලක්ෂයක් ඉල්ලයිද ?
රිලවෙක්වත් වුණා නම්.
චීන මස් කඩේට නොවෙයි නේද?
ගරු ඇමතිතුමනි මෙහෙ ඉන්න කරදරකාරී අලි ටික පටවන්න ක්‍රමයක් සොයා බැලුවා නම් හොඳයි නේද.
මසටද දන්නෙ නෑ ලක්ශයක් ඉල්ලන්නෙ?
මේකටත් NGO බත්බැලයො ටික විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් ගනන් ගන්න එපා.
මේ කාලකන්නි දන්නවා. චිනා කියන්නේ... මිනීමසුත් කන ජාතියක්... ඔවුන් මොන සතාද නොකන්නේ... අසරණ සත්තු. ඔය සතාගේ මසයි හමයි දෙකම ගන්නවා.. නඩේගේ සාක්කුව පුරවා ගන්න... මේ අසරණ සත්තු පළි නැහැ. ලක්ෂයක් කියන්නේ පොඩි ගණනක් නෙමෙයි... මේ සත්තුන්ට අපා දුක් දෙයි. ඒ සාපේ මේ නඩෙට වදින්නේ... ඊට වැඩිය හොඳයි වහ දීලා මැරුවා නම්. ඔය සත්තුන්ව උණුවතුර හැලියේ දමලා තම්බන එකට තමයි සත්තු අරගන්නේ..!
ඔය දියවන්නාවේ ඉන්න රිලව් ටික චීනයට ගෙන්න ගන්න බැරිද?
මේක මේ ලැබ් වල ටෙස්ට් කරන්න ඉල්ලන්නේ, සත්තු වත්තකට 10 ගානේ දැමම්ත් 10,000 ඇති, අනික මේක පලමු අදියර, ඒ කියන්නේ තව අදියරවල් තියනවා, අනික වඳුරැ මොළ චීනේ හොඳ කෑමක්, පණපිටින් ඉන්නැද්දි මොලේ කනවා, ඉන්ටනෙට් එක් බලන්න,
මව්බිම අයිතිය කාටත් පොදුය.
Are they going to feed the animals with them?
සතුන් වෙළඳ භාණ්ඩයක්වත් සිරකරුවන් පිරිසක්වත් නොවෙයි. ලංකාවේ රිලවුන්ට ඉන්න තැන්වල ඉන්න දෙන්න. චූනුන්ට අවශ්‍ය නම් මේ රටට ඇවිත් රිලවුන් නරඹන්න කියන්න.
මහින්ද අමරවීර කොහොමද සතුන්ව පිටරට කූඩුවලට යවන්නේ. එයත් මේ ලෝකෙ ඉන්න තවත් සත්වයෙක් විතරයි. අවශ්‍ය නම් මහින්දව ඒ රටේ සත්ව උද්‍යානයකට යවන්න කියන්න.
ඉස්සර ලංකාවෙ මිනිස්සු රිලවුන් පාලනය කර ගත්තා නමුත් දැන් කාලයේ එහෙම දේවල් නැතිනිසා ඒවා කරන්න පුළුවන් රටකට ලබාදී ගොවීන්ට සහනයක් සැලසීම ඉතාමත් හොදයි ඒ සමගම දඩුලේනා සහ උගුඩුවාත් යවන්න හැකිනම් හොදයි රිලවා කියලා වදුරො නම් යවන්න අවශ්‍ය නැහැ
චීනුන්ට කියන්න දිවන්නාව දොරකඩ මඳක් ගහන්න කියලා 225ම අල්ල ගන්න පුළුවන්.
කයිද දන්නේ නෑ.
රිලවුන්ට මොනව කරයිද කවුද දන්නේ.
මෙරට රිලවුන්ට ලැබෙන ඔය වරප්‍රසාදය රිලවියන්ටත් ලබා දෙන්න. කාන්තා අයිතිවාසිකම් කඩ වුනොත් ස්ත්‍රී වාදීන්ගෙන් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි.
ෙමේ රටේ වගා වට මහත් විනාසයක් කර මහ " රිලවා " මීට හරියටම වසරක ට කලින් ජනතාව විසින් පන්නල දැම්මේ රටේ වාසනාවට ඌ මෙච්චර කලක් හිටියනම් වගාවයි රටයි දෙකම කම්මුතුයි මේ ගැම්මටම දැන් නන්නත්තාර වෙලාඋන් හිටි තැනක් වත් නොදන්නා ඒකවත් හොයල චීනේටම පැටෙව්වා නම් තමයි මරු !!!!!
රිළවුන් කොටසක් ඉවත් කිරීම ඉතාමත් සුදුසු දෙයක්. ඔවුන් කරන හානිය පිළිබඳව අවබෝධයක් නොමැති පණ්ඩිත අදහස් දක්වමින් සෑම දෙයක්ම විවේචනය කරමින් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැති බකපන්ඩිත රැලත් ඹය ගමන් ම කොහෙට හරි පැටෙව්වා නම් හොදයි. රිලව් මරණය වැඩිය මේ වගේ දෙයක් කොපමණ හොදද?
පණ ඇති ඕනෑම දෙයක් ආහාරයට ගැනීම තම ප්‍රතිපත්තිය කොට ඇති චීනයේ බල්ලන් නයින් ඇතුළු සර්පයන් පණුවන් ඇතුළු බොහෝ සතුන් ආහාරයට ගැනීම සිරිතක්. මේ ගැන විස්තර සහිතව ඉදිරිපත් කෙරෙන වීඩියෝ පට අන්තර්ජාලයේ ඇත.රිළවුන් අපට කරදරයක්.ඒ බව ඇත්ත. ඒත් ඒ සතුන්ද මේ සොබාදහමේ කොටසක්. අමරවීරලා බබාලා වගේ කිව්වාට මේ රිළවුන් ගෙනියන්නේ එම සතුන් බෝකර මස් සඳහා ෆාම් දමන්න වෙන්න පුළුවන්.මේ රටේ ගොවි ජනතාවට රිලවුන්ගෙන් ගැටළු තියෙනවා.ඒත් ඒ සතුන්ට පරිසරය අහිමි කොට මරාගෙන කන්න විකුණනවා නම් ඒක වනජීවී ප්‍රතිපත්තියට හාත්පසින්ම විරුද්ධ දෙයක්.
ඔව්… ඔව්, කැනඩාව, ඇමරිකාව වගේ රටවල් ඔය ලංකාවේ හොරාකන රිලවුන්ට වීසා නොදුන්නාට චීනය දෙන බව අපි දන්නවා. ඒත් මෑතකදි පැනලා දිව්ව රිලවාට නම් පළාතේ එන්න අහන්නවත් එපා කියලා කිව්වාලු... ඒත් ඉතිං අපේ රටේ නාකි කොණ්ඩේ බැඳපු චීනා ඌව ගෙන්නාගෙන කන්න බොන්න දීලා ඇති කරනවා..
මස් පිණිස කෑමට ගෙනියන්නයි ඔය හදන්නේ... චීන්නු නොකන සතෙක් නෑ.
රිළවුන් ටික අරන් ගිහිල්ලා පර්යේෂණයකට රටවල් 100කට මුදෑහැරියොත් කෝවිඩ් 19ට එහා යාවි...
පණුවෝ කෑවත් එකයි, මැරුණු ඕන කුණක් කෑවත් එකයි, සමහර චීස් වලත් පණුවෝ ඉන්නවා. බලයින් මාළුවල පණුවෝ ඉන්නවා. චීන ජාතිය බාල්දු කරන්නේ හරියට ලංකාවේ ඉන්නේ ලෝකෙම සුපිරිම ජාතිය වගේ. ලෝකයේ තියෙන්නේ සුපිරි බලවත් රටක් චීනය...
අපිට ඩොලර් ප්‍රශ්න තියෙන වෙලාවේ මේක හොඳ අදහසක්... අමරවීර අපේ උපරිම සහයෝගය ඕනෑනම් රිළව් අල්ලලත් දෙන්නම්...
ලංකාවේ මොනර ගහණයද වැඩියි. වගා බිම් වලට අහිතකරයි. මොණරවත් මාකට් කරමුද චීනෙට... ලංකාවේ දකුණේ සහ ඌව පළාත පැත්තේ අප්‍රසිද්ධව තියෙනවා...
ඔය දියවන්නාවේ ඉන්න එහාට මෙහාට පනින රිලා රෑනම චීනයට යැව්වා නම් හොඳයි නේද
හැම දහ ජරාවක්ම කන චීන්නු රිලවුන්ට කැමැති ඇයි කියන එකත් ප්‍රශ්නයක්...
අප්පට සිරි..., රිළවුන්ට දැන් පාස්පෝට් හදන්න කොළඹට එන්න වෙයි. වීසා ගහන්න.
ඇමතියගේ වගාවන් ආරක්ෂා කරගන්නයි මේ රිලවු බිල්ලට දෙන්න වෑයම් කරන්නේ.
අප්පට සිරි, දැන් වඳුරෝ ඔක්කොම කොළඹ ඇයි පාස්පෝට් ගන්න?