IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘ලංකාව පැහැදිලි ප්‍රකාශයක් කළොත් අපි සූදානම්‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාව මෙරට තෙල් පිරිපහදුව පුළුල් කිරීමට පමණක් නොව මෙරටට න්‍යෂ්ටික බලශක්තිය ලබාගැනීමටද සහාය වීමට රුසියාව සූදානම් බවත් නමුත් ඒ සඳහා පැහැදිලි යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත්විය යුතු බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ආදාළ ගැටළු කීපයක් නිරාකරණය කර ගැනීම සඳහා තමන් අද(01) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හමුවන බවද රුසියානු තානාපතිවරයා පැවැසුවේය.

ඇතැම් රටවල් පනවා සම්බාධක හේතුවෙන් රුසියාවේ සහාය ලබා ගැනීමට අකැමැති බවත් ශ්‍රී ලංකාව රුසියාවේ සහාය ලබාගැනීමට සූදානම් නම් රුසියාව සැමවිටම ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බවත් මෙරට රුසියානු තානාපති ලෙවාන් සෙගරායන් මහතා ඊයේ(30) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය ඕනෑම අංශයකින් සහාය ලබාදීමට රුසියාව සූදානම් බවද ඔහු පැවැසුවේය.

බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට වාර්තා පළවුවත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් නොවූ බව තානාපතිවරයා පැවැසුවේය.එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූවානම් රුසියාව සාදරයෙන් ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. එහිදී අනෙක් සාමාජිකයන්ගේ කැමැත්තද විමසා බැලිය යුතු බව ඔහු පැවැසුවේය.

රුසියාවේ තෙල් මිලදී ගැනීම ඉතාමත් ලාබදායි නමුත් බටහිර රටවල සම්බාධක හේතුවෙන් බොහෝ රටවල් රුසියාවේ බොරතෙල් මිලදී ගැනීමට මැලිකමක් දක්වන බවත් නමුත් එම රටවල් තෙවැනි පාර්ශ්වයන් හරහා අඩු මිලකට මිලදී ගත හැකි බොරතෙල් වැඩි මිලකට මිලදී ගන්නා බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය.

එසේම මාස 6 ක කාලයක් එරෝෆ්ලොට් ගුවන් සේවය මෙරට සෘජු ගුවන් ගමන් අත්හිටුවීමෙන් පසුව නැවත වරක් රුසියාව සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඔක්තෝබර් මාසයේදී නැවත ආරම්භ කරනු ඇති බවත් ඒ සමග රුසියානු සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් තානාපතිවරයා පැවැසුවේය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී සෑම වාරයකදී මෙන් රුසියාව මෙවරද ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බවත් ලෝකයේ කිසිම රටකට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළුවලට අත දැමීමට අයිතියක් නොමැති බවත් සෙගරායන් මහතා පැවැසුවේය.

එසේම රුසියාවද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළුවලට අත නොදමන බව ඔහු ප්‍රකාශ කළේය.

රුසියානු හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියානු රජය සැමවිටම ස්තුතිවන්ත වන බවත් ඔවුන්ට රුසියානු රජය කිසිම බල කිරීමක් කර නොමැති බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය. එසේම මෙරට තේ තෙවැනි ස්ථානයට වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ රුසියාව බවත් ශ්‍රී ලංකාවේ තේ වලට රුසියාව තුළ තවත් වර්ධනය විය හැකි බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය.

බටහිර රාජ්‍යයන් ලබාදෙන පොරොන්දු කිසිම විටකත් රුසියාවට විශ්වාස කළ නොහැකි බවත් යුක්රේන යුද්ධය නැවත්වීමට නම් රුසියාවට සහතික අවශ්‍ය බවත් ඔහු පැවැසුවේය.

පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ වටමේස සාකච්ඡාවකදී රුසියානු තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.

 



අදහස් (1)

‘‘ලංකාව පැහැදිලි ප්‍රකාශයක් කළොත් අපි සූදානම්‘‘

ධර්මානන්ද අන්හෙට්ටිගම Saturday, 04 October 2025 08:57 PM

සැබවින්ම රුසියාව දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයක් ලෙසින් පෙනී සිටියා පමණක් නොව යම් යම් ලොව බලවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ උතුරේ යුද මෙහෙයුම් කරන අවධියේදී ඊට එදිරිව අණ පනත් සම්මත කරගැනීමේදී එක හෙලාම එයට විරුද්ධත්වය ප්‍රකාශ කළ අයුරු අප කාටත් අමතක නොවන බැව් දනිමු. යම් යම් අරමුණු අරබයා ශ්‍රී ලංකාවට උදව්කිරීමට කැමැත්ත පලකරන රාජ්‍යයන් අවංකවම ඒ වෙනුවෙන්ම කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකියි. ඒ අනුව බලන කළ රුසියාව අපට අත හිත දුන්නේ කිසිදු ලාභ හෝ ප්‍රති උපකාර බලපොරොත්තුවෙන් නොවන බවද අපි දනිමු. එ නිසා අපට සුහදත්වයට දිගුකරන දෑතට දෑත දියයුතුයැයි මම විශ්වාස කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site