IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවේ ණය ගෙවන්න සහනයක් දුන්න - චීනය

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන එක්සිම් බැංකුව දැනටමත් වසර දෙකක ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව ණය ගෙවීමේ පීඩනයට සහනයක් ලැබෙන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ලබා දී ඇති ණය සහනය අනුව 2022 සහ 2023 වසර සඳහා ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති පොලී හෝ ණය මුදල්, ගෙවීමට අවශ්‍ය නොවන බව වැන්ග් වෙන්බින් මහතා පෙන්වා දී ඇත.මෙම කාල සීමාව තුළ මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ණය සහනයක් ලබා දීම සඳහා එක්සිම් බැංකුව  ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලි සාකච්ඡාවක නිරත වීමට සුදානම් බව වැන්ග් වෙන්බින් මහතා පවසා තිබේ.

එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සිය උපරිම ධාරිතාවයෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා චීනය උපරිම සහාය ලබා දෙන බවත් වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.



අදහස් (4)

ලංකාවේ ණය ගෙවන්න සහනයක් දුන්න - චීනය

podiaarachchi Monday, 20 February 2023 09:06 PM

මේවා ඔක්කොම මැතිවරණ බේගල් .අපි ඕවට අහුවෙන්නේ නැහැ

:       0       0

Prabha Tuesday, 21 February 2023 01:11 AM

කෙටිකාලීන ණය අවුරුදු දෙකක් පස්සට දාලා දිගු කාලීන ණයක් දෙන්නයි කල්පනාව

:       0       1

Senaka Tuesday, 21 February 2023 07:02 AM

අපේ රටේ මෝඩ දේශපාලුවො නිසා චීනෙත් නිකන් බැනුම් අහ ගන්නව.

:       5       1

සංකා Tuesday, 21 February 2023 07:43 AM

චීනයේ ධනාත්මක ප්‍රතිචාරය පමණක් නොව IMFද ජනවරම හරහා තේරී පත් වූ ස්ථාවර රජයක් බලා සිටිනු ඇත., ඔවුන් විසින් ලබා දෙන අරමුදල් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සමත් විය යුතු අතර, අනුප්‍රාප්තික රජය එය ආපසු ගෙවීමට ගන්නා ක්‍රියාමාර්ග ද විය යුතුය.වෑල්ඩින් කරන ලද රජයක් තාවකාලිකව බලයේ රැඳී සීටීම දුෂණයෙන් තව තව රට ගිලගනිය්.අපේ වැරදි වලට අනුන්ට දොස් කියලා වැඩක් නෑ.අපි තමයි මේ කම්බ හොර තක්කඩියන් පත්කළේ.......අපි දැන් මුළු ලෝකෙන්ම හිගාකනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site