IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාව කලාපයේ අඩුම විදුලි මිල ඇති රට කරනවා

(අංජුල මහික වීරරත්න)

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රී  ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවා ය.

ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් 12% හෙවත් මෙගා වොට් 350ක් ලබාදෙන කෙරවලපිටිය "සොබාදනවි" සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය. 

"රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දෙමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයට නිෂ්පාදකයින් වැඩි වශයෙන් දායක කර ගැනීම රජයේ අරමුණක්. 

ඒ වගේම දේශීය ඉංජිනේරුවන් ඇතුලු දේශිය මානවසම්පත විසින් මේ විදුලි ජනන පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ගැන මම සතුටට පත්වෙනවා. 

ආයතනික ලෙසත්, පෞද්ගලිකවත්  විදුලිය භාවිතයේදී වඩා අරපරිස්සමින්  අනවශ්‍ය විදුලි භාවිතයන් සීමා කරමින් ජාතික ආර්ථිකයට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරනවා යනුවෙන් ද  අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය. 



අදහස් (4)

ලංකාව කලාපයේ අඩුම විදුලි මිල ඇති රට කරනවා

Lankaputha Thursday, 18 September 2025 04:16 AM

අනේ එපා... තියෙන ගාන ඔහොම්ම තියන්න.

:       0       0

sam Thursday, 18 September 2025 07:09 AM

කටින්ද කතා කරන්නේ..?

:       0       0

ගුණරත්න Thursday, 18 September 2025 08:49 AM

සෝලා විදුලියත් ගල් අඟුරු සහ සුළං විදුලි බලාගාරවලට නම් පුළුවන් වෙයි, එත් ඔය ඔක්කොම නැවැත්තුවෙත් ජවිපෙ උද්ගෝෂණ කරලා තමයි

:       0       0

padmapeiya Thursday, 18 September 2025 09:22 AM

මිල අධික LNG හෝ තෙල් මත පදනම් වූ විදුලි උත්පාදනයකට යාම වෙනුවට සූර්ය බලශක්තිය සහ සුළං බලයෙන් ලාභදායී කුඩු උත්පාදනයකට නොයන්නේ ඇයි? LNG සහ තෙල් සදහටම විදේශයන්ගෙන් ආනයනය කළ යුතුයි. සූර්ය බලශක්තිය සහ සුළං බලය සඳහා ඉහළ ආරම්භක ස්ථාපන පිරිවැයක් දැරීමට සිදුවේ, නමුත් KW පදනමක් මත එය වෙනත් ඕනෑම පොසිල ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයකට වඩා දිගු කාලීනව බෙහෙවින් ලාභදායී වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site