
(ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
ප්‍රධාන පෙලේ විදුහලක බුද්ධ ධර්මය විෂය උගන්වන හිමිනමක් අයිස් මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඌරගස්මන්හන්දිය පොලිසියට ලැබුන තොරතුරක් අනුව අලුත්ගම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් පෙරේදා සවස 6.30ට පමණ නවතා පරික්ෂා කිරිමේදි එහි සිටි භික්ෂුව සන්තකයේ තිබි අයිස් මිලිග්‍රෑම් 1315ක්ද රියදුරු සන්තකයේ තිබි අයිස් මිලිග්‍රෑම 1305ක්ද සොයාගෙන ඇත.
සැකකාර භික්ෂුව කලුතර දකුණ බෝම්බුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 39 හැවිරිදි අයෙකි.
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මෙම භික්ෂුව විදුහලක බුද්ධ ධරමය උගන්වන ගුරුවරයකු වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 20වනදින ද අයිස් මිලිග්‍රෑම් 1305 සන්තකයේ තබා ගැනිමේ වරදට වීරවිල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අයෙකු බවය.
අත් අඩංගුවට ගෙන ඇති රියදුරු නවදගල හිපන්කන්ද පදිංචි සැලුන් ආයතනයක් පවත්වාගෙන යන 39හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ශෝක්
අපේ සංස්කෘතිය සභ්‍යත්වය භෞමික අඛණ්ඩතාවය ප්‍රෞඩ ඉතිහාසය ආයෝමය පුරුෂයා සප්ත ප්රයාමයශශෛලමය ප්රාදුර්භූතය දිව්‍යමය පොල්බෑව අරභයා කරන මේ පහරදුම අපි දෙකත්පස්ව හෙළාදකිනවා.
මහනායකලට සහ සනගයනට ජාතිය ගොඩගන්න, අධිකරණේ ස්වාධීනත්වය රැකගන්න තියෙන හින්දා ආගම ගැන බලන්න වෙලාවක් නෑ.
මුස්ලිම් මිනිස්සුයි, කතෝලික සහ ක්‍රිස්තියානි මිනිස්සුයි බුද්ධාගම නැති කරනවා, මේ කරන දේවල්වලින් ඒක හොඳට පේනවා... මේ සම්බන්ධයෙන් බෞද්ධ ප්‍රජාව වහාම ක්‍රියා කළ යුතුයි... නැත්නම් සිංහල අපිට රටත් ආගමත් දෙකම නැති වෙනවා......