(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය පසුගිය (08) වැනිදා  හිමිවිය.

මෙසේ අනුමැතිය දී ඇත්තේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය බී.කේ.කේ.කේ. ජිනදාස යන මහත්වරුන්ගේ  එම පත්වීම්වලටය.

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභාවට   සාමාජික මන්ත්‍රීවරු  පිරිසක් සහභාගී වූහ.