
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් සිටින නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන්නේ බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින පුද්ගලයින් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ආ දක්ෂ ලේකම්වරුන්ටත් අමාත්‍යාංශය අතහැර යන්න සිද්ධ වුණේ මේ හේතුව නිසා බව කී අලුත්ගමගේ මහතා හොඳ දක්ෂයෙක් වන මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයා රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැමැත්තෙන් කටයුතු කළ නමුත් එය කරන්න ඉඩ නොදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් කළේ පිට ඉඳන් බලපෑම් කරන උපදේශකවරුන් යැයි කියා ගන්න කණ්ඩායමක් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.මේ අදිසි හස්තය ගැන කල්පනාකාරී විය යුතු යැයි ද අමාත්‍යවරයා කීවේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ආ නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... උත්තරයක් හදාගත්තද? ගැලවෙච්චි රෙදි ටික පටලගන්න ඉඩක් හදාගන්න? කෙබර කියන්නේ නැතිව අඩුම ගානේ එක පයක් තියාගන්න පුළුවන් බොරුවක් කියන්න... කියන කියන බොරුවට ගැලවිලා දැන් එක ඇඳුමක් වත් නැතිව ඇති.
ඇමැතිවරයාගේ ඔලුව පළමුකොටම පරීක්ෂා කරන්න. දැන් මුලු රටේම කෘෂිකර්මාන්තය කඩා වැටිලා... නමුත් එයා එයාගේම මතයේ එල්බගෙන සිටිනවා...
ඔය මොනාවා කීවත්, අපි කුඹුරු වැඩ කරද්දී, අලුතෙන් ගෙනාපු පොහොර ගැන හෝ යායේම ගොවීන් එක්කරගෙන සුදුසු ක්‍රමයකට වගා කරන්න. ඒ ගැන තීරණයකට එන්න හෝ සාකච්ඡා කරන්න හෝ ගොවි නියාමක හෝ කෘෂිකර්ම නිලධාරින් කිසිම විදියක සංවිධානයක් කලේ නැහැ. නැනෝ පොහොර දෙද්දී කීවේ ඒවා හරියයිද කියලා කියන්න බැහැ කියලා විතරයි. පොහොර භාවිතය ගැන හෝ කිසිම උපදෙසක් ලැබුනේ නැහැ. ඒ ඔක්කොම වෙන්න ඇත්තේ රජය තමන් ගත්තු තීරණයට අනුව නිසි ක්‍රමවේදයක් සකස් කරන්නට නොහැකි වීම තුළ, මෙයට නිලධාරින් සහ රජය වගකිව යුතුයි. දැන්වත් කිසියම්ම ක්‍රමවේදයකට, ආදර්ශ කුඹුරු අක්කර 50-100 කරලා හරි හැටියට වැඩේ පටන්ගන්න. පාර්ලිමේන්තුව දැනුවත් කරලා පාර්ලිමේන්තුවේම සහාය අරගන්න. එතකොට කවුරුවත් උද්ඝෝෂණවලට ඇවිත් පාරට බහින්නේ නැහැ...
මෝඩ දේශපාලුවන් එක්ක වැඩ කරන්න ඒ වගේම මෝඩයෙක් පත් වෙනකන් එන මිනිස්සු යනවා...
කවුද ලොක්කෝ... අමාත්‍යාංශයේ උපදේශකයින් පත්කරන්නේ..? මම දන්නා විදියට අඩුම තරමින් ඇමැතිවරයාගේ නිර්දේශයවත් නැතුව උපදේශකයින් පත්කරන්න බැහැ. හරි තමුන්නැහේට උපදේශකයින් නිසා බැරිනම් ඉල්ලා අස්වුණාම පත්වීම් බලධාරීන්ට වරද තේරේවි. නිකන් අනුන්ට වරද පැටෙව්වාම අදක්ෂයා කවුද හොඳින්ම පේනවා..
සිහියක් පතක් ඇති මනුෂ්‍යයින් මෙතරම් ලැජ්ජා නොමැතිව බොරු කියමින් පිළිකුල් වන්නට ආශා නොකරති. අන්ත බොරුව හා වංචාව නොපැකිළ කිරීමට ඇති කැමැත්ත මානසික රෝගී තත්වයකි. මොවුන් වෙනුවෙන් විශේෂ සමීක්ෂණයක් කොට සොයාගත් රෝගය ලොව සුවිශේෂී සොයා ගැනීමක් විය හැක.
කාබනික කෘෂිකර්මය පමණකින් සියලු කෘෂි අවශ්‍යතා සපුරා ගන්න රටක් ලෝකේ නෑ. නූගත් දේශපාලඥයින් දවල් හීන මවමින් ලෝක වාර්තා තබන්න යනවා. කාබනික කෘෂිකර්මය කියන්නේ නිකී මාකට් එකක්.
තව හිටියොත් ගොවියන්ගෙන් ගුටිකනවා. තවම මුසාවාද කියනවා.. ඔබ ඉල්ලා අස්විය යුතුයි..
ළමා රෝග විශේෂඥයෙක්ගෙන් කෘෂිකාර්මික උපදෙස් අරන් තමයි මේ වින්නැහිය කරගත්තේ... දැන් විකාර දොඩවනවා.
තම මතය පමණක්ම නිවැරදියි කියලා හිතාගෙන ඉන්න එක උග්‍ර මානසික රෝගයක්... මෙය කෘෂිකර්ම ඇමැතිට විතරක් නොව ඊට ඉහළ පහළ හැමටම නියතයක්. කරුණාකර උද්දච්ච මෝඩ තීරණය නිවැරදිකර රසායනික පොහොර සහනාධාරය පටන්ගන්න. නැතිනම් අනාගත ව්‍යවසනය ඉදිරියට යයි...