(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196 ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි චෝදනාවල පැමිණීල්ල දෙදරා ගොස් ඇතැයි ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ 05 දෙනාම අද (06) නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළත් එම විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතය පළකරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කළේය.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මාස 06ක කාලයක් තුළ පැවැත්වු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඩුල්ල මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැත්තන්ය.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන් විසින් එලෙස නියම කරන ලදී.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 සැප්තැම්බර් 27 වැනිදා නඩු විභභාගය ආරම්භ කරන ලදී.
2019 අප්‍රේල් මස 21 වනිදා හෝ ඊට ආසන්න දිනයක පේදුරුතුව සහ කන්කසන්තුරය අතර ජාත්‍යයන්තර මුහුදේදී ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196 ලංකාවට ආනයනය කිරීම” එම හෙරොයින් කිලෝ 196 ලඟ තබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම යන චෝදනා මත අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැති විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කොට තිබිණී.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් පේදුරුතුව සහ කන්කසන්තුරය අතර ත්‍රීකුණාමලයට කිලෝමීටර් 400ක් දුරින් ජාත්‍යයන්තර මුහුදේදී “ශාන්ත අන්තෝනි” නමැති ධීවර යාත්‍රාවකින් උර 13ක බහාලු පාර්සල් 248ක් තුළ සඟවා හෙරොයින් කිලෝ ග්රෑම් 263ක්ද සමඟ මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ ග්රෑම් 263 තුළ ශුද්ධ හෙරොයින් කිලෝ 196 ග්රෑම් 986ක් ඇත බව රජයේ රස පරීක්‍ෂකවරයා අධිකරණයට වාර්තා කළේය.
කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අධිකරණය අමතමින් ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර තීන්දුවේ නිගමන සහ හේතූ විවෘත අධිකරණයේ දක්වන බව දැනුම් දුන්නේය.
ඒ අනුව මුලින්ම මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතාද පසුව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාද අනතුරුව සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාද තීන්දුවේ නිගමන සහ හේතූ විවෘත අධිකරණයේ පැහැදිලි කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ඇතැම් නිලධාරීන් අධිකරණයේ ෂත්‍ය සාක්කි දුන්නේද යන්න සැකමතුවන බවත් ඇතැම් සාක්කි විශ්වාෂනීයත්වයෙන් තොර ඒවා බවත් තීන්දු කළ විනිසුරු මඩුල්ල මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතයට පත් වන බවත් සඳහන් කළේය.
සිද්ධියේදී ගත් ඡායාරූප සහ වීඩීයා් පට අධිකරණයට ඉදිරිපත් කොට නැති බවත් නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පෙන්වන ලද පොලිසැක් උර ඔහුට හඳුනාගැනීමට නොහැකිවීම පුදුම සහගත බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධධාරණය කළේය.
පැමිණීල්ලෙන් කියන ආකාරයට මෙවැනි වැටලීමක් සිදුවුවාද යන්න සැක සහිත බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සාක්කි කෙරෙහහි විශ්වාෂය තැබිය නොහැකි බවත් විත්තිකරුවනන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් පිළිබඳ නඩු භාන්ඩ දාමය ඔප්පු කිරීමටට පැමිණීල්ලට හැකියාව ලැබී නැතැයිද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධධාරණ සැකයකින් තෙතාරව ඔප්පු කොට නැතැයී තීන්දු කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් සිය`ථ දෙනාම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
විනිසුරු මඩුල්ලේ නියෝගය මත අධිකරණ භාෂා පරිවර්ථන නිලධාරිනියන් වන මල්ෂී ප්‍රනාන්දු සහ සෆායා අරූෂ් මෙනවියන් විසින් අධිකරණ නියෝගය අධිකරණයට දැනුම් දුන්හ.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන ගාමිණී අල්විස්” ජගත් අබේනායක” අමිලා උදයංගනී” දීපීකා හෙට්ටිමුල්ල” අරණ්‍ය දේවනාරායන” චානුක දිසානායක යන මහත්ම මහත්මීන් ඇතු`ථ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ල ගත්ත කුඩු තොගය දැනටමත් විකුණගෙන නැත්නම් ඒ ටිකත් ගෙදර ගෙනියන්න දෙන්න. අවුරුද්දට රොටි පුච්චන්න.
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ ඩොලර් වලට අපේ පොලීසිය යටවූ තවත් එක් අවස්ථාවක් මෙසේ නිමාවට පත්විය…!
නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත ගේ ක්‍රියා කලාපය සැක සහිත බව පැහැදිලිව පෙනේ.ඔහු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ කොට සත්‍ය සොයා ගැනීම පොලිස් සේවයේ කීර්තියට හේතුවෙනු ඇත.
කාලෙකින් අහපු ලස්සනම විහිලු කතාව. අල්ලපු කුඩු කිලෝ 196 ත් ඒ් පස්ෙදනාටම බෙදල දෙමු, ඔය පොලීසියට හොද පාඩමක් උගන්නන්න ඔ්නෙ..
හිතාගන්න පුළුවන් !
එක විදියකට ගත්තම නීතියත් හරි අමුතුම එකක්. නීති වේදීන් ගත්තත් එකත් හරිම අමුතුයි වගෙ...
අවුරුදු ගානක් නිවැරදිකරුවන් රිමාන්ඩ් කරතබාගැනීම වෙනුාවෙන් අදාල පාර්ශවයන්ට රජයේ බදු ආදායමෙන් වන්දිත් ගෙවමු
Unbelievable!!!
හරක් කටාටත් වෙන්නේ ඔ්ක තමා.
වාව්!!!!
ඉතින් කුඩු රට ඇතුලට එන්නේ කොහොමද කියන එක ගැන පුදුමයක් නැහැනෙ. ඔය ඔක්කොම හොරු මල්ලි.
රස පරීක්ෂකත් තහවුරු කරලා තියෙනවා. කුඩු කිලෝ 196 ක් තිබිලත් තියනවා. ඒ්ත් නිදොස් කොට නිදහස්. කූඩු ගහන ඒකා ග්‍රෑම් 1ටත් ජීවිතාන්තයතෙක් හිරේ.
රට පෙරට - කුඩු අපට, සැමට අබසරනයි.
Let's appoint Deshabandu as Chief of Police... country will be free for everyone
කුඩු වලට අයිතිකාරයේක් නෑ
අනේ අම්මේ මේ. මොකෝ වෙන්නේ මේ රටට. කොහේද වැරදීම වෙලා තියෙන්නේ. හැම පැත්තෙන්ම ඇහෙන්නේ හිත කලකිරවන ප්‍රවුර්ති විතරයි. මේ රටින් යන එකා තමයි තියෙන්නේ දරුවෙක්වත් හදාගන්න ඕනෙනම්.
නීතිය සල්ල්වලට ළඟ නවන්න පුළුවනි මල්ලි. රන්ජන් මාමා හරි මල්ලී.
සියලු දෙනා ගැනම ලැජ්ජයි.
ඒ අල්ලපු කුඩු ආපසු බාරදෙනවද නිදහස් වූ චූදිතයින්ට...? නැතිව ඒවා දැනටම පිටි බවට පත්වෙලාද?
පොලිසිය විතරක් නෙවෙයි, කලු කෝට් කාරයෝත් නින්දිතයි.
කව්රුහරි ඔත්තුව දීපු නිසා ඇල්ලුවා නමුත් වරද ඔප්පු නොවන විදිහට පැමිණිල්ල ගෙනිච්චා. වැඩේ සිම්පල්.