
ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ඩික්සන් වසන්ත මහතා හදිසියේ අද අභාවප්‍රාප්ත විය.
තිස් වසරකට අධික කාලයක් විජය පුවත්පත් සමාගමේ සේවය කළ ඔහු ආයතනයෙන් පළ කරන ලංකාදීප, ඉරිදා ලංකාදීප, සිරිකත ආදී පුවත්පත්වලට ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කළේය.
දොඩම්ගොඩ, කොස්වත්ත ජනාධිපති විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරන ඩී.එස් ඉෂ්මිනී සමන්තිකා මහත්මියගේ ආදරණීය සැමියා වූ ඩික්සන් වසන්ත මහතා එක් දියණියකගේ පියෙකි.
ඩික්සන් වසන්ත මහතාගේ දේහය දොඩම්ගොඩ, ජාවිගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd