
(අංජුල මහික වීරරත්න)
කොරියා අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය හෙවත් KOICA යටතේ මෙරට කෘෂිකර්ම අංශයේ නිලධාරීන් හා විද්‍යාඥයින් සඳහා පුහුණු පාඨාමාලා ලබා දීමේ වැඩ පිළිවෙළ යළි අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට දකුණු කොරියා තානාපතිනියගෙන් ඉල්ලිමක් කළේය.
මෙරට දකුණු කොරියානු තානාපති H.E. Miyon Lee මහත්මිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී කෘෂිකර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව කළ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.
එම ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර පළ කළ තානාපතිවරිය කොරියා රජයට එම ඉල්ලීම යොමු කරන බව සඳහන් කළාය.
වී අස්වනු ඉහල නැංවීම, රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය, ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් උසස් බීජ නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය යොදා ගැනීම හා දකුණු කොරියාව හා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් සඳහා පුහුණු කිරීම වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළේය.
කොරියා අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය යටතේ මින් වසර කිහිපයකට පෙර උසස් කෘෂිකාර්මික පුහුණුවක් ලාංකික නිලධාරීන් හා විද්‍යාඥයින්ට ලබා දුන් බවත් දැනට එම වැඩසටහන අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා කීය.
මෙහිදී පොහොර භාවිතය සම්බන්ධව අදහස් පළ කළ තානාපතිවරිය දකුණු කොරියාව කෘෂිකර්මාන්තයෙන් උසස් අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර සහ කාබනික පොහොර යන දෙවර්ගයම භාවිතා කරන බවත්, දකුණු කොරියා ගොවීන් ඒ සඳහා මනාව පුහුණු කර ඇති බවත් සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික කෘෂි විද්‍යාඥයින්ට කොරියාවෙන් පුහුණුවක්
Nalin Monday, 09 October 2023 11:57 AM
ඉල්ලීමක් විතරයි.
Nihal Monday, 09 October 2023 02:58 PM
කටපාඩම් කරලා සහතිකයට පමණක් සීමා වුණු කෘෂි විද්‍යාඥයෝ...!