(දසුන් රාජපක්ෂ)
ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය හා ඩිජිටල් අංශයේ ප්‍රධානී මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතාට එම ආයතනයේ වෘත්තීය සමිතියකට අයත් යැයි කියන පිරිසක් විසින් පහරදි තිබේ.
රැස පුවත්පත කාර්යාලයට ගිය අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී 15 කට ආසන්න පිරිසක් තමාව පාලු ස්ථානයකට කැඳවාගෙන ගොස් බැණ තර්ජනය කර පහරදුන් බව මාධ්‍යවේදී මධුක තක්සල ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට පැමිණිලි කර තිබේ.
සේවයට වාර්තා කළහොත් නැවත වරක් පහරදෙන බවට පහරදුන් පුද්ගලයන් තර්ජනය කළ බවද තමා එළැබී ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වීමේ ලිපිය දෙසැම්බර් මාසයේ මුල් සතියේ පාලනාධිකාරියට බාරදී තිබුණු බවද මධුක තක්සල ප්‍රනාන්දු මහතා ගෙන් කළ විමසීමකදී වැඩිදුරටත් කීය.
පහරදීම සම්බන්ධයෙන් මධුක තක්සල ප්‍රනාන්දු මහතා ලේක්හවුස් පාලනාධිකාරිය දැනුම්වත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස උපරිමයට තියෙන මෙවැනි කාලයක මෙවන් දෙයක් සිදු විය නොහැක.
හෙමින් හෙමින් අපි පරණ යුගය කරා ගමන් කරන බව පේනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්රකාශනයේ 71 වෙනි පිටුවේ කියල තිබෙන විදියට මේ වගේ දේවල් වලට කටයුතු කරයි කියල අපි හිතනවා.
මේ මාධ්‍යවේදියා තමන්ගේ ප්‍රතිපත්තිය අනුව ලේක් හවුසියෙන් ඉල්ලා අස්වුණා නම් තවත් ඒ මනුස්සයා පස්සේ එලවන්නේ ඇයි? ලේක්හවුසිය ආණ්ඩුවේ හින්දා පහුගිය ආණ්ඩුව තමන්ගේ මිනිස්සු ඒකට දාගන්න ඇති. එක කොහොමත් සිද්ධ වෙන දෙයක්. මේ දිහා බැලිය යුත්තේ දේශපාලන ඇහැකින් නොවේ. ඒ හින්ද දැන්මම සමිතිකාරයින්ගේ මේ වගේ වැඩකිඩ අවසාන කලොත් නිසැකවම රජයේ කීර්තිය පැතිරෙයි. නැත්නම් පරණ කතාවලට පණ ලැබෙයි. එවුලින් බියට්‍රිස් හෝල් කිව්වා "මම ඔබ කියූ දේ සමග කිසිසේත් එකඟ නොවෙමි, එහෙත් ඔබට ඒ දේ කීමට ඇති අයිතිය මම දිවි පුදා හෝ ආරක්ෂා කරමි". අන්න සැබැ මාධ්‍ය නිදහස!
වෙනසක් ඉල්ලුවා නේද ? ඕක තමා වෙනස.
බලාපොරොත්තු වුන වෙනස ලැබෙමින් පවතී.
එහෙමනම් පුරුදු වැඩේ පටන් ගත්තා වගේ.
දැන් ඔබට සතුටුයි නේද?
මේවා හොඳ වැඩ නොවෙයි. කිසිවෙකුට ගහන්න, අඩත්තෙටම් කරන්න කවුරුවත් අවසර දීලා නැහැ. ඒක කවුරුත් සිහි තබා ගත යුතුයි. අතීතයේ වැරදි කළ අයට නීතියට අනුකුලව වගකිවයුතු අය කටයුතු කරයි.
මේ කාලකන්නියන් හිතාගෙන ඉන්නේ කට්ටියම එකතු වෙලා එක පුද්ගලයෙකුට පහරදීපු එක මහලොකු වීරකමක් කියලා. මේ වගේ අය පහුගිය කැලෑ නීතිය කාලෙත් උන්නා. මේ වගේ අසම්මජ්ජාති වැඩකරන අයට නීතියෙන් උපරිම දඬුවම් දියයුතුයි...