මාස තුනත් හයත් අතර කාලයක් ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
දැනට තිබෙන දත්ත භාවිත කරන ලද විශ්ලේෂණයකින් ඒ බව අනාවරණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය සංවිධානය එම විශ්ලේෂණය කර ඇත.
මෙම තාවකාලික දත්ත ඉදිරියේදී වෙනස් විය හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපීය සංවිධානයේ හදිසි මෙහෙයුම් ප්‍රධානී මිචෙල් යාවෝ පැවැසීය.
ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන් දරුණු අනතුරු ඇඟවීම් කළ නමුත් ඒවා සත්‍ය නොවුණු බව ද හෙතෙම කීය. ජනතාව සිය හැසිරීම් වෙනස් කරගනිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමත් සනීපාරක්ෂාවට වැදගත්කමක් දීමත් ඊට හේතු වූ බව ද හෙතෙම පැවැසීය.
ලොව දුප්පත්ම මහද්වීපය වනුයේ අප්‍රිකානු මහද්වීපයයි. අනෙක් මහද්වීප හා කලාප සැසඳීමේදී අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ ගණන අඩුය. ඊයේ (17) වනවිට අප්‍රිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 17,000කට වැඩි වන අතර මරණ ගණන දහසකට ආසන්න වේ.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd