IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සැසියක් ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියාව සඳහා වන කලාපිය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරයෙහි සත්කාරකත්වය දැරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපිය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරය 2025 ඔක්තෝබර් මස 13 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

මෙම කලාපීය කමිටු රැස්විම මඟින් කලාපීය සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම, ප්‍රගති සමාලෝචනය සහ අවධානය යොමු කළ යුතු සෞඛ්‍ය ගැටලු විසඳීමට ප්‍රතිපත්ති සම්මත කිරීම සිදු කරනු ලබයි. 

ඒ සඳහා, සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සාමාජික රටවල් 11කින් නිල නියෝජිතයින් සහභාගී වීමට නියමිතය. ඊට අමතරව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම් කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ ආයතනවල නියෝජිතයින්, සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් ද මේ සඳහා සහභාගී වනු ඇත. 

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියා කලාපීය කමිටු රැස්වීමේ 78 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සැසියක් ලංකාවේ

ජිල්බු Tuesday, 12 August 2025 05:36 PM

ගොඩක්ම ලොකුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site