(ඩයනා උදයංගනී)
ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව අද (3)ට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අගමැතිවරයා සිය පණිවුඩයේ මෙසේ ද සඳහන් කර තිබේ.
"ලෝක මාධ්‍ය නිදහස් දිනය යෙදෙන අද දිනයේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.
මේ වනවිට තොරතුරු සන්නිවේදනය ලොව වේගයෙන්ම දියුණුවන විෂය පථයක් බවට පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක කාලය තුළ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාවට තොරතුරු ගලා යාම වේගවත් විය.
එහෙත් කාලීන අවශ්‍යතාව වී ඇත්තේ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත වන්නේ නිවැරදි මාධ්‍ය භාවිතාව තුළිනි.
ඒ වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකම ක් ද වන බව මාගේ විශ්වාසයයි.
මෙරට මාධ්‍ය නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳව අප අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අප බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව සිහිපත් කරමි.
ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මෙවන් වකවානුවක තොරතුරු මහජන යහපත උදෙසාය තේමාවෙන් මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම ඉතා කාලෝචිත වේ.
රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන සුවිශේෂ කාර්යය භාරය සහ කැපකිරීම රජය සැමවිටම අගය කරමි.
දැනුමෙන් සන්නද්ධ විය යුතු ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව උදෙසා අධ්‍යාපන ශිෂ්‍යත්ව මෙන්ම මාධ්‍ය උපකරණ ලබාදීමට අප තැබූ පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.
ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි මම සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා නොකළ යුතු මාතෘකාවක්
අපරාදේ කියන්න බෑ ලංකාවේ මාධ්‍ය නිදහසනම් ලෝකයේ කොහෙවත් නැති තරම්.
අපේ රටෙනම් මාධ්‍ය නිදහස දැන් දොරේ ගලනවා.
මාධ්‍ය නිදහස රැකපු විදිය ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. කටින් බතල හිටවනවා ?
නිකන්ම නිකන් හිස් වචන ටිකක් විතරයි.