ශ්‍රී ලංකාවේ මූලික සෞඛ්‍යය භාවිතය සහ සෞඛ්‍යය සේවාවල ගුණාත්මක ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 200 මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.
ලෝක බැංකුව වෙනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඞ්ඩිහවු මහත්මිය ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම එකඟතාව යටතේ ශ්‍රී ලංකාවේ මූලික සෞඛ්‍යය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, බෝ නොවන රෝග හඳුනාගැනීම සහ කළමනාකරණය, සමස්ත ජනගහනයේ සහ ජනගහනයේ වඩාත් අවදානම් සහගත කොටස්වල වෙනස්වන සෞඛ්‍ය අවශ්‍යතා හා වුවමනාවලට ප්‍රතිචාර දැක්වීමට යනාදිය තුළින් මෙරට ජනතාවට ප්රතිලාභ සැපයීමට අරමුණු කෙරේ.
සොඛ්‍යය හා පෝෂණ අමාත්‍යංශය විසින් ‘ශ්‍රී ලංකාවේ මූලික සෞඛ්‍යය සේවා ප්‍රතිසංවිධානය කිරීම : අපේ ප්‍රගතිය පරෙස්සම් කිරීම සහ අනාගතයට සූදානම් වීම’ යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයක්ද? මෙව්වා ගිලගන්න බලාගෙන ඉන්න ඇමතීන්, නිලධාරීන් කොච්චර ඇත්ද? කෙල බේරෙනවා ඇති.. දරුවෝ පිටරට යවන්න, වාහන ගන්න, ඉඩකඩම් ගන්න ....
තවත් පිදේනියක්
මේක පැහිදිලි නැහැ ආධාරද නැත්නම් ණයද කියලා?
හුරේ....හුරේ.... " 225 ක් වූ වන අපට " යාන වාහන ගන්න සල්ලි ලැබුනා ලෝක බැංකුවට පිං සිද්ද වේවා....
කලබල වෙන්න එපා දැනටත් ලංකාවේ ළමා හා මාතෘ සායන පවත්වන්නේත් ළමා එන්නත් ලබාදෙන්නෙත් ලෝක සෞඛ්‍යය සංවිධානයට පින්සිද්ද වෙන්න, ඔවුන් නිසා තමයි දරු පරම්පරාව වසංගත රෝග හා භයානක රෝග වලින් බේරිලා ඉන්නේ , නැතුව අපේ මේ මහා ලොකු නායකයෙක් ගේ කෙරුවාවකට නෙවේ. ලෝක බැංකුව හරි මොක හරි ජාත්‍යන්තර ආයතන වලට පින් දෙන්න මේ හොරු රැලක් සමග ජිවත්වන අපට උදව් කරනවට
අරහෙන් ලැබෙනවා, මෙහෙන් ලබෙවෙනවා නමුත් මේ මුදල් වලට මොකද වෙන්නේ පුදුම ලංකාවක් දේශ පාලුවන් පුදුම විදිහට පව් කරනවා .
රජයේ වස්තුව හොරාකන්නවුන් ඊළග ආත්මභවයේ බල්ලො බළල්ලු වෙනවාමයි.