(සුජිත් හේවාජුලිගේ )
සංවිධානාත්මක අපරාධකරුවන් 30 කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් එවැනි දේපොළ කිහිපයක් හඳුනා ගෙන ඇත.
ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ රුපියල් කෝටි පහක් වටිනා පර්චස් 28 ක් ඒ අනුව පසුගියදා ක්‍රියා විරහිත කෙරුණි.
එසේම ලොකු පැටී නැමති අපරාධකරුට අයත් නීති විරෝධී දේපොළ කිහිපයක්ද හඳුනා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි
එම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ සොයා බැලීමක්. එසේම, චම්පික රණවක මහතා ද කියන ලෙස සහ 88/89 පිළිබඳ පොතපතින් වත් කියවා ඇති අය දන්නා ලෙස මෙරට විශාලම වත්කම් සහිත පාතාල පක්‍ෂය ජවිපෙයයි. කීයක් නං බැංකු, මූල්‍ය ආයතන කඩා මුදල් කොල්ලකෑවා ද? කොපමණ පුද්ගලික සමාගම් ගණනාවකින් වැඩවර්ජන තර්ජනාංගුලිය පෙන්වා කප්පම් අරගෙන ඇද්ද? තානාපති මට්ටමේ ඊමේල හරහා ද අනාවරණය වූ පරිදි 2010 සහ 2015 ජනාධිපතිවරණ කාලවලත්, 2022 පැවති අරගල සමයේත් විදේස් රටවලින් කෙතරම් ඩොලර් ප්‍රමාණයක් ජවිපෙට පොම්ප වෙන්න ඇද්ද? බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ව්‍යුහයන් ද්විත්වයක් පවත්වා ගනිමින් අවි ආයුධ හුරුවත් ඇති කේඩරයන් සිටින්නේ වෙන කොහේද? පළා බබා අපට එපා සහ ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන නන් දොඩවමින් බොම්බයි ලූණු විකිණූ අහිංසක වෙළෙන්දන් කී දෙනෙක්නං මුංදැලා විසින් පරලොව යැව්වා ද? අනාගතයේ යම්කිසි දවසක හෝ මේ ගැනත් සොයා බැලීමට කිසියම් පාර්ශ්වයක් උනන්දු විය යුතුයි.
කංජිපානිගෙත් බැලුවද
සඳමාලිගෙත් බැලුවාද?
ඔය වත්කම් තියෙන්නෙ පාතාලකාරයොන්ගෙ නම්වලින් හෝ පවුලෙ අයගෙ නම්වලින් නෙවෙයි. ගෝලයොන්ගෙ සහ ගෝලයින්ගෙ නම්වලින්. සමහර ගෙවල්වල මුරකාරයො කෝටි 4 වාහන ගන්නවා. කෝටි 10 වගෙ ඉඩම් ගන්නවා. කෝටි 7ක වගේ බිල්ඩින් ගන්නවා. (මේවා වහන්න බොරුවට ලීස් එකක්/ණයක් ගන්නවා)
සදමාලි, ඔයා ඇයි පාතාලයින්ට, කුඩ්ඩන්ට ඔච්චර ලැදි...