IMG-LOGO

ලෝක පොතට ගිය චන්නට මැතිසබයේ සුභ පැතුම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ලොව මුල් පෙළේ විද්‍යාඥ ලයිස්තුවට( සියයට දෙකට) ඇතුළත් කරනු ලැබීම සම්බන්ධයෙන්  ඒ මහතාට විශේෂ ගෞරවය පුද  කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී අද (19) පැවසූහ.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය  එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටින බවත් ඒ අයටද විශේෂ ගෞරවය පුද කරන බවත්  ඔවුහු සඳහන් කළහ.

මහාචාර්ය චන්න ජයසුමන මහතාට  විශේෂ ගෞරවය පුද කරමින් මුලින්ම අදහස් දැක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

මහජන නියෝජිතයකු ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා ලැබූ එම ගෞරවය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශංසාව පුද කරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයා  කරුණු දැක්වූයේ ඉන් අනතුරුවය.



අදහස් (20)

ලෝක පොතට ගිය චන්නට මැතිසබයේ සුභ පැතුම්

sam Wednesday, 19 October 2022 11:37 AM

ඕක මොකද්ද අර මයිනලගේ මුළු පවුලම ලෝක හොරු කියලා ලෝකෙන්ම ඒකාට සම්මානයක් ලැබිලා තියෙන්නේ

:       12       20

susantha Wednesday, 19 October 2022 12:11 PM

කොච්චර මුල් පෙළේ විද්‍යාඥයෙක් වුණත් මොකටද පල්, හොර, තක්කඩි රැළකට එකතු වුණාම.., පල් හොරු, නායකයෝ කරේ තියන් යනවා නම්...!

:       10       17

මැක්ස් Wednesday, 19 October 2022 12:19 PM

ඉතාම හොඳ ප්‍රවණතාවක්. කොයිදේටත් දේශපාලනය ගාව ගන්න දෙපිලේම ගෝල බාලයින්ට හොඳ පණිවිඩයක්...!

:       1       15

දාස Wednesday, 19 October 2022 12:36 PM

මේ මනුස්සයා තමයි කොවිඩ් කාලෙ පැනිය ගන්න එය නියම බෙහෙතක් කියල ප්‍රචාරය කලේ, මෙයා ඒ වෙනුවෙන් පෙනි සිටියා. පසුව පැනිය තනිකරම බොරුවක් බව රටට ඔප්පුවුනා. පුදුමයි එහෙම කෙනෙකුට මෙවැනි තැනක් ලැබීම.

:       13       19

සුමල් Wednesday, 19 October 2022 12:52 PM

මහාචාර්ය ජයසුමන මැදිහත් වී මැදිහත්වී ධම්මික පැණිය පිළිබඳව නිසි පර්යේෂණයක් සිදුකරවා එහි කිසිඳු අගයක් නැති බව පහදා නොදෙන්නට ලංකාවේ මෝඩයෝ තවමත් ඒ පැණිය පිටිපස්සේ දුවනවාය... ඉගෙනගත්තු මිනිස්සු පාර්ලිමේන්තු යෑමේ වැදගත්කම...!

:       7       14

දාසWednesday, 19 October 2022 01:54 PM

සුමල් පැනි සුමනෙ තමයි රටට ප්‍රචාර කලේ වතුපිටිවල ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට පැනිය දීල හරිම සාර්ථකයි කියල මුලු රටටම අඩ බෙර ගැහුවෙ. එයා කරපු පර්යේෂනයක් නෑ.මිනිහ මිථ්‍යාව රටේ වැපුරුව , පාර්ලිමේන්තුවෙත් සමහර මොල්ලු ඕක බිව්ව. පුදුමයි මෙයාට ලැබුන සම්මානය ගැන

:       10       6

සංජන Wednesday, 19 October 2022 12:54 PM

මේ වගේ අය රටට සම්පතක්. ඔවුන්ට නිසිතැන ලබාදිය යුතුයි.

:       8       13

SUNIL MILANO Wednesday, 19 October 2022 01:04 PM

මෙතුමාට ලැබුණු තනතුර ගැන හද පත්ලෙන්ම සතුටු වෙන අතර එතුමාට සුබ අනාගතයකට ආසිරි...!

:       9       13

SUNIL MILANO Wednesday, 19 October 2022 01:13 PM

මෙම තනතුර දිහා කුහකකමින්, ඊර්ෂ්‍යාෙවන් පැලෙන අය ගැනනම් හරිම කණගාටුයි. මෙවැනි පුද්ගලයින් තමන්ගේ පවුලේ අයගේ දියුණුව, තනතුරු දිහා බලන්නෙත් ඔය ඉරිසියාවෙන් පිරුණු කුහක ඇස්වලින්ම තමයි. හරිම කණගාටුයි.

:       8       13

බද්රානි Wednesday, 19 October 2022 01:24 PM

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශ්‍රේණිගත කිරීමට අනුව, ලෝකයෙන්ම 1,05,029 (දස ලක්ෂ පන්දහස් විසිනවයක්) විද්‍යාඥයින් අතුරින් ලංකාවෙත් විද්‍යාඥයින් 24 කගේ නම සඳහන් වී තිබෙනවා. මේ සංඛ්‍යාවට ඉන්දියාවෙන්, 3352, පාකිස්තානයෙන් 379, තායිලන්තයෙන් 263, බංගලාදේශයෙන් 97ක් වශයෙන් සටහන් වී තියනවා. දැන් ඉතින් ඔබට සතුටුයිද කියලා තමයි මට නම් අහන්න තියෙන්නේ? කොහොම වුණත් රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයා කළ ගවේශනාත්මක පර්යේෂණ (කෝවිඩ් පැණිය වැනි) මොනවාද කියලා ඔය කියන ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අයවත් දන්නවද? දන්නේ නැහැ...

:       12       9

සෙනවි Wednesday, 19 October 2022 01:30 PM

නාථ දෙවියන්ගේ බැල්ම.!.නාත දෙව්මණ්ඩලයට තැනක්.

:       3       7

ලුම්බිණි Wednesday, 19 October 2022 01:37 PM

මෙයාගේ නම තිබුනේ 2021 ලිස්ට් එකේ. 2022 ලිස්ට් එකේ නොවෙයි. එම 2021 ලැයිස්තුවේ තවත් ලංකාවේ අයගේ නම් තිබෙනවා.

:       5       3

shanthaWednesday, 19 October 2022 02:11 PM

2021 සහ 2022 ලැයිස්තු දෙකේම තියෙනවා.. 2022 ලැයිස්තුවේ ලංකාවේ 38 දෙනෙකුගේ නම් තියෙනවා...!

:       1       4

siril Wednesday, 19 October 2022 01:40 PM

අයියෝ නාථ

:       6       6

PODDA Wednesday, 19 October 2022 02:18 PM

පළමුව එතුමාට සුබපැතුම් පිරිනමනවා... රටට ගෞරවයක් ලබාදීම ගැන. හොඳ වෙලාවට එතුමා ස්වාධීන වුණේ... නැතිනම් රටේ ජනතාව හොරු සමග හෙළුවෙන් සම්මානය දෙනවා.

:       1       8

රංග Wednesday, 19 October 2022 02:18 PM

මේකේ තියෙන කමෙන්ට් දැක්කාම පේනවා මේ රට කොච්චර කුහක ඉරිසියාකාර මිනිස්සු ජීවත්වෙන රටක්ද කියලා. එක්කෙනෙක් කියලා තියෙනවා මේක 2022 ලැයිස්තුව නෙමේ 2021 ලැයිස්තුව කියලා. මොලේ තියෙන ඕනෑ කෙනෙක්ට තේරෙන්න එපායැ තාම 2022 ඉවරත් නෑ... ලැයිස්තුව දාන්නේ කොහොමද කියලා.. මිනිහෙක්ගේ අගය කරන්න දෙයක් තිබුණාම අගය කරන්න ඕනෑ කැතකුණු නැතිව...

:       1       12

ගොනිබිල්ල Wednesday, 19 October 2022 02:58 PM

මෙයාට තවත් සම්මාන තියනවා හොඳම වඳ කොත්තු/ රසම පැණිය මෙකී නොකී හැම මගුලටම සම්මාන දෙන්න වටින මිථ්‍යාව පසුපස තමයි යන්නේ...!

:       6       5

BamunuarachchiThursday, 20 October 2022 06:11 AM

මේ මොනවද මේ කියන්නේ?

:       0       0

BamunuarachchiThursday, 20 October 2022 02:32 PM

මොනවද මේ ගොබ්බයා කියන්නේ

:       0       0

Bamunuarachchi Thursday, 20 October 2022 06:09 AM

මේ අවස්ථාවට දේශපාලනය අදාළ නැත. ගෞරවය ලැබිය යුත්තාට ගෞරව කල යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site