









( ගයාන් අමරසේකර)
ලෝක තැපැල් දිනයේ 51 වැනි සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නව මුද්දර 5 ක් නිකුත් කිරීම තැපැල් මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී අද ( 09) සිදු කළේය.
146 වැනි තැපැල් දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
නිරෝධායන නීතිවලට අනුකූලව පවත්වන ලද මෙම චාම් උත්සවයේදී තැපැල් දිනය නිමිත්තෙන් මුද්දර නිර්මාණ ශිල්පී ඉසුරු චතුරංග මහතා විසින් සිතුවම් කරන ලද මුද්දරයක් සහ ‘කොරෝනා පරදා නැගී සිටිමු‘ මැයෙන් පාසල් සිසුවියන් වන සංජානා ලහිරුණි ගුණතිලක සහ කෞෂල්‍යා නයනමාලි හේවාවසම්, කසුනි උමයංගා ද සිල්වා සහ මුද්දර නිර්මාණ ශිල්පී සුදත් ජයවර්ධන මහතා විසින් සිතුවම් කරනලද මුද්දර හතරක් ඇතුළත් මුල්දින කවරයක් හා සමරු පත්‍රිකාවක් නිකුත් කෙරිණි.
එම මුල්දින කවරය එම් එම් පබෝධා හංසනී සහ සිහිවටන පත්‍රිකාව ඉෂිණි ධනංජනා වීරසිංහ විසින් නිර්මාණය කරනලදි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයෙ ජගත් පී හේරත් ,මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම,තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන නිර්මාණාත්මක චිත්‍ර ටිකක්, කෝවිඩ්-19 සහ ලංකාව සම්බන්ධ. ලංකාවේ තරුණයන් සහ පාසල් ළමුන් අතරේ හුඟක් දක්ෂ සිත්තරුන් ඉන්නවා. අතහිත දීමක් නැති නිසා ඒ දක්ෂකම් යටපත් වෙනවා. මේ වගේ චිත්‍ර හොඳයි ජාත්‍යන්තර තරඟ වලට යවන්නත්. පාසල්වලින් සමහර වෙලාවට එහෙම චිත්‍ර යවලා දිනපු වෙලාවල් මම දැකල තියෙනවා. බ්‍රිතාන්‍යයේ "රෝයල් සොසයටි ඔෆ් බයොලොජි" ආයතනය විසින් වාර්ෂිකව පවත්වන ඡායාරූප තරඟයෙන් පළවෙනි තැන දිනලා තියෙන්නේ ලංකාවේ ඡායාරූප ශිල්පියෙක් අරන් තියෙන, ආහාර සොයාගෙන ආපු අම්පාරේ වන අලි රංචුවක් කැළිකසල ආහාරයට ගන්නා ඡායාරූපයක්. (බලධාරීන්ගේ ඇස් ඇරෙන්නත් හොඳයි. ලැජ්ජයි.) ඒ තරඟයේදීම තරුණ ඡායාරූප ශිල්පීන්ගේ තරඟයෙනුත් පළවෙනි තැන ලැබිලා තියෙන්නේ ලංකාවේ තරුණයෙක් අරන් තියෙන, හික්කඩුව මුහුදේ ධීවරයන් අතෑරලා දාලා තියෙන, ඉඳගෙන මසුන් අල්ලන්න හදලා තියෙන ආධාරක ලී කෝටු උඩ ඉඳගෙන ඉන්න කොරවක්කන්ගේ පින්තූරෙකට...