
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ජල සංගමයේ 2026 ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සත්කාරකත්වය දැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ' ජලය සහ තිරසර සංවර්ධනය' තේමාව යටතේ වන වාර්ෂික සම්මන්ත්‍රණයට සමගාමීව ජාත්‍යන්තර ජල සංගමයේ ' ජල සුරක්ෂිත සමුළුව සහ ප්‍රදර්ශනය - 2026 මෙරට දී පැවැත්වීම පිණිස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත.
එම සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා ජල ක්ෂේත්‍රයට සම්බන්ධ ශාස්ත්‍රීය, කර්මාන්ත, රජයේ නියාමන ආයතන වල සහ ජාත්‍යන්තර සංවිධාන වල ප්‍රමුඛ ගෝලීය විශේෂඥයින් සහභාගී වීමට නියමිතව තිබේ. එමඟින් ආරක්ෂිත සහ තිරසර පානීය ජලය සැපයීමට කැප වී සිටින පාර්ශ්වකරුවන් අතර සංවාදය සහ සහයෝගීතාව වර්ධනය කිරීමට අවස්ථාව උදා වනු ඇති අතර එමඟින් අර්ථවත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.
ඒ අනුව, ලෝක ජල දිනයට සමගාමීව 2026 මාර්තු මස 23 දින සිට මාර්තු මස 25 දින දක්වා රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයේදී ලෝක ජල සංගමයේ 'ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය - 2026' පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd