IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලේ වගුරුවන්න පෙර ජීවත් වෙන ක්‍රමයක් හිතන්න

 

(අංජුල මහික වීරරත්න)

දේශපාලකයන් පාරට බැස ලේ වගුරුවන්නට කතා කරන්නට පෙර ජනතාවට ජීවත්වන්නට ක්‍රමයක් හදා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශපාලනය පාර්ලිමේන්තුවේ දී පමණක් කතා කළ යුතු බව කී ජනාධිපතිවරයා  ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.

අපි සියලුදෙනා  ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග එක් විය යුතු බවද  ආණ්ඩු පක්ෂයේ පමණක්  නොව විපක්ෂ මන්ත්‍රිවරු පිරිසකුත් තමා සමග කතා කොට ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක්වෙන්න කැමති බවත් ප්‍රකාශ කළේ යැයිද ජනාධිපතිවරයා කීය.  ඒ අයටත් වැඩ කරන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දෙන්නැයි  ඉල්ලීමක් කළ බව කී ජනාධිපතිවරයා  එකතු වී වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු යැයි සැමගෙන් ඉල්ලන බවද සඳහන් කළේය.



අදහස් (7)

ලේ වගුරුවන්න පෙර ජීවත් වෙන ක්‍රමයක් හිතන්න

pradeep Monday, 17 October 2022 01:45 PM

ප්‍රථමයෙන්ම රට මේ තත්වයට පත්කළ දේශපාලුවන් රටේ පාලනයෙන් ඉවත් කරන්න.

:       5       522

sena Monday, 17 October 2022 01:56 PM

සර්ට වුණේ අර වඳුරට වෙච්චි දේ. දැන් ඉතින් පොහොට්ටුවෝ නැගිටිනවට බයේ කෑගහනවා.

:       23       77

sharm warn Monday, 17 October 2022 02:06 PM

තමන්ට කතාකරන එකත් මානසික රෝගයක්.. ලේ වගුරවන්නේ අපිද? නැතිනම් ඔහේද? ඒක තමයි කියන්නේ වයසට යද්දී කල්පනාව අඩුවෙනවා. ඒ නිසා තමයි විශ්‍රාම ගන්වන්නේ. මෙතැන බහිරවයෙක් වගේ බැඳගෙන හිටියට ඡන්දෙ තිබ්බාම ආයෙමත් හොම්බෙන් යන්න පුළුවන්.

:       78       193

fairoos Monday, 17 October 2022 02:43 PM

රටම බංකොළොත් කරපු කම්බ හොරුන් ආණ්ඩුවේ ඉන්නකන් මොන නැගිටීම්ද?

:       1       152

Anura Monday, 17 October 2022 04:00 PM

රට මේ තත්වෙට දාපු හොරු ටිකයි , උන්ව රැකගෙන දිගටම හොරකන්න සලස්වන්න අපු වයසක නරියයි ගියපු දවසක මේ රට දියුණුවෙයි , මිනිස්සු පාරට බහින එකත් නවතී

:       1       4

Sunil Monday, 17 October 2022 04:54 PM

ඔබේ දුර්දාන්ත ක්‍රියාමාර්ග වෙනස් නොකළොත් මුළු රටේම විශාල ලේ වැගිරීම් ඇතිවෙයි.

:       0       2

dias Monday, 17 October 2022 06:25 PM

බැඳුම්කර සල්ලි අරන් ගජමිතුරුගේ බදු වංචා කරපුවා අරන් රට හදමු.. නාකිවෙලත් අවුරුදු 40 ක් රට හැදුවා. බොහොම ස්තුතියි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site