
(සුමිත් පොතුපිටිය )
කළුතර නගර මධ්‍යයේ හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් අද(28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රී වරයකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මාර්ගයේ ගමන් කරමින් සිටී පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරු පැදිය නවතා "බත් කන හරක් තවමත් සිටිනවාදැයි " විමසන ලද අතර එයින් උරණවූ නාගරික මන්ත්‍රී වරයා අත් දෙකෙන්ම ඔහුගේ මුහුණ සහ හිස ප්‍රදේශයට පහරදෙන ලැබීය. පහරකෑ පුද්ගලයා හෙල්මටයක් පැළද සිටී බැවින් තරමක ආරක්ෂාවක් තිබිණි.
මෙසේ පහරකෑමට ලක්වූයේ වාද්දුව ,පොතුපිටිය පනාපිටිය පාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය පැවසීය.
පහරදීම සිදු කළ නාගරික මන්ත්‍රී වරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කළ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්නැතුව ප්‍රශ්නෙට උත්තරයක් දුන්නනම් හරිනේ. නිවැරදි සන්නිවේදනය මගින් බොහෝ ගැටළු විසඳගන්න පුළුවන්.
මුන්ට රට බාර දුන්නොත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි. එඩිතරව අදහස් දැක්වූ තරුණයාට අපේ ආචාරය.
බත් විතරක් නෙමෙයි, බොන්න මත්පැන් ටිකකුයි තව රුපියල් කොළ ටිකක් දෙනවායි කිව්වහම පැනගෙන එන කකුල් දෙකේ හරක් ඕන තරම් ඉන්නවා.
කොන්ද පණ තියෙන කොල්ලෙක් සහ ඇඟේ හයිය පෙන්නපු මෝඩයෙක්.
තමන්ගෙන්ම අහගන්න ඕන දෙයක් තවත් කෙනෙක්ගෙන් අහන්න ගිහිල්ලා පාරවල් දෙකක් කාලා බේරුන ඵක ගැන ගොබ්බ මාලිමා ඩෝබි බයික් ගොනා සතුටින්ද?නාහෙට නාහන තව එකෙක් ඔතන හිටියනම් මේවනවිට ගොන් බුරුවා නාස් පොලු කඩාගෙන කට කපාගෙන ජාතික රෝහලේ ඉන්නත් තිබුණි.
ඒ ප්‍රශ්නෙට උත්තරේ 'ඔව්.' සමහරු ලියන අදහස් වලින්ම පේනවා.