(නිමන්ති රණසිංහ)
ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්ඛාන් බදියුදීන් මහතා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටිත් නම් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකාර රිෆ්ඛාන් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනස් වාර්තාව කඩන්න තව නඩු කීයක් කල් දාන්න ඕනද කියලයි මං මේ කල්පනා කළේ.
ෂොපින් උරේ ඇදුම් දාගෙන ආපු මිනිස්සු කෝටිපතියෝ උනේ කොහොමද කියලා ඕන ගොනෙක්ට තේරෙනවා.ඒ වගේම තමුන්ගේ නමට ඉඩම් නැහැ කියන කතාවත් ඕන ගොනෙක්ට තේරෙනවා. කිසිම දේශපලුවෙක් තමුන්ගේ නමට ඉඩ කඩම් ගන්නේ නැහැ කියලා. සුවිසල් වලව් කීපයක් තිබුනේ හිමිකාරයෝ නැති.... අන්න ඒ වගේ.
අපේ බොහෝ විනිසුරුවරු දක්ෂ නඩු කල්දාන්න මිසක් අහන්න නොවේ. තව සැක කරුවන් අත් අඩංගුවට ගන්න කියනවා. හැබැයි ප්‍රධාන සැකකරුට ඇප දීලා එළියේ. රිෆ්කාන් බදියුදීන්ට එරෙහිව බරපතල චෝදනා සාක්ෂි තිබියදී ඔහුට ඇප ලැබුනේ කොහොමද? විනිසුරුවන් කරලා තියෙන ඒවා රන්ජන්ගේ හඬ පටි වලින් එළි වෙනවනේ.