
(බී.ජී චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් බැහැර කරන අප ද්‍රව්‍ය සහ අප ජලය කෙලින්ම මල්වතු ඔයට මුසු වීම නිසා එහි ජලය පරිහරණය කරන වන්දනාකරුවන් සහ නගරයේ ජනතාව බොහෝ දෙනකුගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි නගර සභාව කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් බැහැර කෙරෙන සායනික අප ද්‍රව්‍ය සහ අප ජලය කෙලින්ම බාහිර පරිසරයට මුදා හැරීම හේතුවෙන් අනුරාධපුර නගරයේ ඇති 'ස්වභා උයන' ඇතුලු නගරය අවට දැඩි දුර්ගන්ධයක් හමන බවත්, එම අප ජලය පූජා නගරය මැදින් ගලා බසින මල්වතු ඔයට ගලා යාම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද අනුරාධපුර මහ නගර සභාව පවසයි.
අනුරාධපුර නුවර වැවේ 'බිහිරි' සොරොව්වෙන් මුදා හැරෙන ජලය නගර මධ්‍යයේ පිහිටි ස්වභා උද්‍යානය පිහිටි පොන්නාරම් කුලම වැවට ගලා එන අතර ශික්ෂණ රෝහලේ මුදා හැරෙන අප ජලය සහ අප ද්‍රව්‍ය මෙම වැවට ගලා විත්, ඇළ මාර්ග ඔස්සේ එම සියලු අප ජලය පූජා නගරය හරහා ගලා බසින මල්වතු එක්වන බව මෙහිදී අනාවරණය විය.
එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී සායනික අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ අප ජලය අවිධිමත් ලෙස විවෘත පරිසරයට මුදා හැරෙන ආකාරයත් එම අප ජලය ඒ ආසන්නයේ ඇති පොන්නාරම්කුලම වැවේ සිට යළි ඇල මාර්ගයක් ඔස්සේ මල්වතු ඔයට ගලා යන ආකාරයද දැක ගත හැකි විය.




COMMENTS
ඒවට තමයි නගර සභාව තියෙන්නෙ තමන්ගෙ වගකීම ඉටුනොකර අනුන්ට දොස්කියා වැඩක් නැහැ උපතේ සිට මරණය දක්වා ඔක්කොම කොරන්නෙ අපි කියලා නේද පළාත් පාලන ආයතන කියන්නෙ ඔය කියන දේවල් තමන්ට කොරන්න බැරිනම් වරිපනම් අයකරන නිසාවත් පුවත්පත් වලට නොලියා නොකියා රෝහල සමග සාකච්ඡා කලාම නරකද (නගරාධිපති /කොමසාරිස් වරුනි)
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වසරකට බිලියන ගණනක් මුදල් වෙන් කරනවා. ඒවායින් ලොක්කොම 40-50% හොරා කාලා කරන්න ඕනේ වැඩ ටික හරියට නොකරපුවාම වෙන වැඩ මේවා... අනුරාධපුරේ විතරක් නොවේ, ගොඩාක් තැන්වල එහෙමයි. මුදලට ගිජු රෝහල් අධිකාරිලා... එක්ක පරිසරය සුරකිනවා බොරු. ඔවුන්ට ඕනේ මල මිනී උඩින් හරි මුදල් හොයන්න. ඒතරම් කෑදරයි. මේවා බලන්න PHI ලා ඉන්නවා... එයාලා මොනවාද කරන්නේ...?