IMG-LOGO

රුහුණේ ලංගම බස්රථ 200ක් ධාවනයේ

( ජේ.කේ.එල්. චාමින්ද)

ඇදිරිනිතිය ඉවත්කළ අද දින (20) උදැසන වනවිට දකුණු පළාත තුල ශ්‍රි ලංගම බස්රථ 150ක් 200ක් අතර සංඛ්‍යාවක් ධාවන කටයුතු සදහා යොදවා ඇති බැව් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.

උපරිම බස්රථ සංඛ්‍යාවක් ධාවන කටයුතු සදහා යොදවා ගැනිමට කටයුතු කරන බව පවසන ප්‍රාදේශිය කළමණාකාරවරයා මේ වනවිට දකුණු පළාතේ පිහිටි ඩිපෝ 11න් බස්රථ 15කට වැඩි සංඛ්‍යාවක් ධාවන කටයුතු සදහා යොදවා ඇති බවද පවසයි.


බස්රථ සේවකයින්ටද පැමිණිමේ පහසුකම් නොමැතිවිම නිසා සේවකයින් වාර්තා කිරිමේ යම් අඩුවක් දක්නට ඇති වුවද සේවකයින්ගේ පැමිණිම අනුව බස්රථ ධාවනය කිරිමට කටයුතු කරන බවද පවසයි.

ඇදිරි නිතිය ඉවත් කළද ඔවුන්ගේ ඉල්ලිම අනුව රෝහල් කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරිම සදහා ශ්‍රි ලංගම බස්රථ 39ක් තවදුරටත් යොදවා ඇති බව පවසන රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකාරවරයා දැනට පවතින තත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් රෝහල් කාර්යමණ්ඩල සදහා මෙම සේවාව ලබාදෙන බවද හෙතෙම පවසයි.



අදහස් (1)

රුහුණේ ලංගම බස්රථ 200ක් ධාවනයේ

shanthini Monday, 20 April 2020 10:13 AM

දකුණට මහින්දගේ ගානේ කොරෝනා බෙදාහැරිම පටන්ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site