
(අංජුල මහික වීරරත්න)
‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීම මරදාන දුම්රිය ස්ථානයේදී අද සිදු කෙරිණි.
ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ කෙරුණු අවස්ථාවේදීය.
දුම්රිය ස්ථාන වල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය එන්ජින්, මැදිරි සහ මාර්ග ඉතා අබලන් තත්වයේ තිබෙන්නේ... ඒවා පිළිසකර නොකර නැවතුම් පොළ පමණක් ලස්සන කරලා වැඩක් තිබෙනවද?
අපේ රටේත් හොන්ද ප්‍රවාහන සේවයක් ඇතිවෙනවා නම් කොයිතරම් හොදද? ජනතාවදී ආණ්ඩුවට ජයෙන් ජයම වේවා!
ඔය විවෘත කිරීමෙන් අනතුරුව පොඩ්ඩක් මරදානෙ ඉඳල වැල්ලවත්තට දුම්රිය මාර්ගය දිගේ ඇවිතගෙන ගිහින් මාර්ග පරීක්ෂාවකුත් කළා නම් තමා වැඩේ සම්පූර්ණ වෙන්නෙ.
එහෙනම් ඔය පාරවත් මාතර කෝච්චිය පරක්කු නොවී යාවි.. ඇති යාන්තම්...
මෙත්මල් පිබිදේවා.. සිත් තුළ කරුණා පැතිරේවා...
ජනතාවාදී? හහ් හහ් හා. බී ළූණු, සහල්, ලුණු වැනි මුදලාලිවාදී ආණ්ඩුවට ජයවේවා කිව්වා නං ගැලපෙනවා.