IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුසියාවෙන් කොරෝනා එන්නත් තව ලක්ෂ 60ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා තවත් මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර ද “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

එම එන්නත් තොගයට අමතරව එම මිලටම තවත් "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ද රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත.

 



අදහස් (2)

රුසියාවෙන් කොරෝනා එන්නත් තව ලක්ෂ 60ක්

Lakshitha Tuesday, 06 April 2021 07:37 AM

ඕක ගෙන්නන්න තිබුණේ මීට කලින්. ඔක්ස්ෆර්ඩ් එන්නතේ සාර්ථකත්වයට සාපේක්ෂව ෆයිසර් සහ ස්පුට්නික් එන්නත් වල සාර්ථකත්වය ඉහළයි. ඒවා 92%-95% අතර පවතිනවා. ඉන්දියාවයි බ්‍රිතාන්‍යයි සතු‍ටු කරන්න ඔක්ස්ෆර්ඩ් එක ගෙනාවා.

:       32       5

Raveendra Tuesday, 06 April 2021 11:25 AM

සීනි වලට වැඩිය වැක්සීන් එකෙන් වාසි ඇති... තව ගෙන්නගෙන ඔයාලා සතුටින් ඉන්නකෝ...!!! 

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site