(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා තවත් මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර ද “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.
එම එන්නත් තොගයට අමතරව එම මිලටම තවත් "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ද රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගෙන්නන්න තිබුණේ මීට කලින්. ඔක්ස්ෆර්ඩ් එන්නතේ සාර්ථකත්වයට සාපේක්ෂව ෆයිසර් සහ ස්පුට්නික් එන්නත් වල සාර්ථකත්වය ඉහළයි. ඒවා 92%-95% අතර පවතිනවා. ඉන්දියාවයි බ්‍රිතාන්‍යයි සතුටු කරන්න ඔක්ස්ෆර්ඩ් එක ගෙනාවා.
සීනි වලට වැඩිය වැක්සීන් එකෙන් වාසි ඇති... තව ගෙන්නගෙන ඔයාලා සතුටින් ඉන්නකෝ...!!!