
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.
රුසියන් ආරක්ෂක අංශ මෙසේ කටයුතු කිරීම, මානව හිමිකම් ගැන කතා කරන බටහිර රටවල දැඩි අප්‍රසාදයට, හේතුවක් වී ඇති නමුත්, එම බටහිර රටවල බොහෝ වැසියන් පවා පෙන්වා දී ඇත්තේ අමු අමුවේ අහිංසක ජීවිත බිලි ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මේ අයුරින් 'සැලකීම' වඩාත් උචිත බවය.
අල්ලා ගත් මෙම ත්‍රස්තයන් සිවුදෙනාම ටජිකිස්තාන ජාතිකයන්ය. ටජිකිස්තානය යනු රුසියාව අසල පිහිටි රාජ්‍යයකි.
ඔවුන් සිවුදෙනා මුහම්මද් සොබීර් ෆයිසෝයි, ෂම්සිදීන් ෆරිඩුන්ල්, සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා සහ ඩලෙර්ජෝන් මිර්සෝව්ය.
මුහම්මද් සොබීර් ෆයිසෝයි කරණවෑමියෙකි. මාධ්‍ය වාර්තා අනුව, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ වම් ඇස උගුල්වා තිබේ. රහස් ප්‍රදේශවලට විදුලි සැර වද්දමින්, කශේරුකාවට හානි වන ලෙස පහර දී ඇත.
ෂම්සිදීන් ෆරිඩුන්ල් කම්හල් සේවකයෙකි. මොහුගේ මුහුණට පහර දී වම් පස දත් කිහිපයක් ගලවා දමා ඇත.
සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා ද කම්හල් සේවකයකු වන අතර, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ දකුණු කන් පෙත්ත කපා, මොහුට එය කෑමට බල කර තිබේ. ඇසකට හානිවන ලෙස පහර දී ඇත.
ඩලෙර්ජෝන් මිර්සෝව් සංක්‍රමණික සේවකයකු බවත් සිවුදරු පියකු බවත් පැවැසෙයි. මොහුගේ මුහුණට ද බරපතල ලෙස පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාසා තීරයේ පලස්තීනුවන් දසදහස් ගණනක් අමු අමුවේ ඊශ්‍රායල් හමුදාව විසින් මරා දමනවා ඔය කියන බටහිර මාධ්‍යකාරයන්ට පේන්නෙ නැද්ද? බටහිර රටවල පාලකයින්ගේ කුණු හෝදන මාධ්‍ය වලින් ලෝකෙට ඇති පලේ මොකක්ද ?
අම්මෝ මොකුත් කියන්නෙ නෑ අපි අර අයට විරුද්ධව නම්. අර සහජීවනේට හානි වෙලා ඡන්ද කැඩෙනවනේ අහවල්ලුන්ගෙ. ”පව්... එයාලට ඌව වෙන්නම රුසියන් හමුදාව කරලා...” කියලා කිව්වට කමක් නැද්ද?
බටහිර කවදත් උන් අකැමැති රටවලට ගහන්නෙ මානව හිමිකම් කෙවිටෙන්. ඊට ඈඳා ගන්නෙ අදාළ රටේ ඉන්න දේශ ද්‍රෝහීන්. ලංකාවෙ තරමටම රැසියාවෙ ඒ ජාතියෙ කාලකණ්ණි අඩු වීම එරටේ වාසනාවක්. ඒකටත් එක්ක මේ රටේ! යුද්දෙ දිනන්න ඔන්න මෙන්න කියල තිබුණු වෙලෙත් අයවැය පරද්දල ප්‍රභාට ඕන දේ කරන්න ලෑස්ති උනු ඊනියා විප්ලවවාදීන් ඉන්න රටක්නෙ මේක. ජිනීවා සමයට එයාලා එළියට බැහැලා එන්ජීඕ නඩත් එක්ක එකතු වෙලා නටන නාඩගම කාටත් පෙනෙන දෙයක්නෙ.
මෙවැනි අමානුෂික ත්‍රස්තවාදීන්ට මෙම සැළකීම ප්‍රමාණවත් මදි.
කිසි වරදක් නොකොට අමු අමුවේ මාරා දැමුණු අහිංසක මිනිස් ජීවිත ගැන අමතක කොට,මිනීමරු ත්‍රස්තයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන කතා කිරීමට තරම් ඇතැම් මිනිසුන් අන්ධ වී ඇත. මේ මිනීමරු ත්‍රස්තවාදීන්ට කුමන දඬුවමක් දුන්නත් යහපත් මිනිසුන් විරුද්ධ වන්නේ නැත. මොවුන් සිදුකළ සාහසික මනුෂ්‍ය ඝාතන වලට මේ දුන් දඬුවම් ඉතා සුළු එකකි.
මෙහෙම කරන්නෙ නෑතුව හුරතල් කරන්නද? අපේ රටේ එවුන් නිදොස්කොට නිදහස් කලාට ජරාවට යට වෙලා.......නියමයි උගුල්ලන්න තිබ්බෙ උන්ගෙ මහ එකාගෙ අහවල් එක,,,,,
මානව හිමිකම් එත්කොට අහිංසක නිරායුධ ජනතාව අමු අමුවේ මරා දැමීම අනුමත කරනවද ? ඔය මානව හිමිකම් නමින් පෙනී සිටින කල්ලි ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.
මුන්ගේ අමානුෂික ක්‍රියා වලින් අහිංසක මිනිස්සු මැරුණාට කමක් නැහැ, හැබැයි මුන්ට වද දෙන්න එපා. මුන් පව්. ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරන ඕනෑම එකෙක් අනවාර්යයෙන්ම මේ වගේ අමානුෂික ක්‍රියා පස්සෙන් ඉන්නවාත් ඇති. ත්‍රස්තවාදය නිවැරදිවම හදුනාගත් රටක් මෙහෙම තමයි ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ. මොනවා වුණත් ශ්‍රී ලාංකිකයන් වගේ නෙවෙයි රුසියානුවන් තමන්ගේ රටට ආදරෙයි.
ඇමරිකාවෙ කරන්නෙ කෙලින්ම වෙඩි තියල දාන එක. පහුගිය කාලෙ කලු ජාතිකයන්මැරුව. ඒකට ප්‍රශ්නයක් නැත්ද? ගාසාවල ළමයි මරණව. ඒව පේනේනෙ නැහැ. 150 නිරපරාදෙ මරපු එවුන් පට්ට ගහල ටික ටික මරන්න ඕන.
බැරි වෙලාවත් මෙයින් එක්කෙනක් හරි පැත්තක හිටිය අහිංසකයෙක් නම්? ඉස්සෙල්ලාම පිලිවෙලකට නඩු අහලා ඉවරවෙලා දඩුවම් දීම තමා පිලිවෙල...ලංකාව වගෙ සක්කිලි රටවල් වලනම් එහෙම වෙනවා අඩුයි...
ලංකාවේ සහරාන් සෙට් එකට මෙහෙම සලකන්න බැරි උනානේ .පව්
තුවක්කුවක් අතට ගත්තාම මම තමයි පොර කියලා හිතන් හිත් පිත් නැතිව අහිංසක මිනිස්සු මරණ මේ වගේ මානසික රෝගීන්ට මේ දඬුවම ලාමක වැඩියි...
ලංකාවේ තක්කඩි දේශපාලකයින්ගේ දෙකයි පනහේ රංගන වලටත් රැවටිලා චූන් වෙලා පුහු දේශප්‍රේමේ ඉහට ගහගෙන කුල්මත් වෙන අම්බරුවන්, පුටින්ලාගේ ත්‍රාසජනක විශිෂ්ඨ රංගන ඉදිරියේ කුලප්පු වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද..? රුසියාවේ විපක්ෂ නායකයාව හිරේදීම ඝාතනය කොට, මැතිවරණ ජයග්‍රහණය කළ පුටින් ගැන ඒ රටේ බුද්ධිමත් ජනතාව පමණක් නොව, යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අප්‍රසාදයෙන් යුතුව කතා කරන වකවානුවක, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීම ජුගුස්සා ජනකයි. මෙච්චර හරියක් කරන තෙක් ඔර්ජිනල් පුටින්ගේ බුද්ධි හා ආරක්ෂක අංශ පොල් ගෑවාද...? ලෝකල් පුටින්ගේ රටේ පාස්කු ප්‍රහාරය වගේ සියල්ල සිදුවීමට ඉඩ හැරියද මන්දා..? අනික ඉතින් අර ආයුධ සන්නද්ද ත්‍රස්තයින් අතින් රුසියන් හමුදාවේ හෝ පොලිසියේ කිසිවෙක් ඝාතනය නොවීමත් පුදුමයක්...? මොනවා වුනත් අර අල්ලා ගත්තු, ත්‍රස්තවාදීන්ගේ මුහුණවල් දැක්කාම අපේ මෝඩ චූන් දේශ හිතෛශී අයියලා, මල්ලිලාට විතරක් නෙවෙයි, මගේ හිතටත් මාර ජොලියක් දැනෙනවා අප්පා... ඒ වුණාට මට තියන බය, අපේ රට ආරක්ෂා කරන්න ආයෙත් ලෝකල් පුටින් කෙනෙක් කඩා පාත්වෙයි කියලයි...
හරි හමන්, කොන්ද පණ තියෙන අය අපරාධ පරීක්ෂණ අංශයේ හිටියා නම් ... අද පතෝල සිරාගේ මුහුණත් මේ වගේ වෙන්න තිබුණා...
ලෝකයේම ඉන්න ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන ප්‍රශ්නේ නෝවේ අයගෙන්ම ඉල්ලන් කාලා වැඩි කලක් නෑ...
මානව හිමිකම් මේ කණ්ඩායම්වලට අදාළ නැහැ. හමාස් ඇතුළුව. සියලු දෙනා පණපිටින් මරා දැමිය යුතුයි. රුසියානු රහස් ඔත්තු සේවය කළ දේ ප්‍රමාණවත් නොවේ...!
ඉස්ලාම්යන් ත්‍රස්තයින් කිව්වාම ඉස්සෙල්ලාම තද වෙන්නේ සිංහල බෞද්ධයින්ට බෞද්ධ සිද්දස්ථාන වලට මේ හම්බයින් කෙලපු දාට තමයි අපිට ඉස්සෙල්ලාම ඒ සිංහලයින්ට ගහලා වැඩපටන් ගන්න වෙන්නේ....!
සෑම මුස්ලිම් කාරයෙක්ම ආගමික ත්‍රස්තයෙක්. ඔවුන් ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක්ම කරන්නේ අල්ලාහු අක්බර් කියමින්. ඉස්ලාම් ත්‍රස්තවාදය ඔවුන්ගෙන් ආගමින්ම එන එකක්. හාවුන් මෙන් දරුවන් වැදීමත් ත්‍රස්තවාදයේ එක කොටසක්...!
මැක්ස් මහත්තයෝ, අපටත් දෙපයින් හිටගන්න පුළුවන් රටක් හදලා තිබුණා නම් ඔය වගේ සලකන්න තිබුණා. කොහේද මැක්ස් මහත්මයා පත්කරලා යවපු පාලකයෝ...? එහෙම රටක් හැදුවේ නැහැනේ. චීනෙටත් බයයි ඉන්දියාවටත් බයයි. ඇමරිකායටත් බයයි. එහෙම එකේ මානව හිමිකම්වලට බය නොවී බැහැනේ...!
මැක්ස් මහත්තයෝ ඔයාලා පත්කරලා යවපු අපේ පුටිනුත් පාස්කු ප්‍රහාරකයින්ට සැලකුවේ ඔය වගේම තමයි. කොහේද එතුමා පැන්නුවානේ..!
මෙතන මානව හිමිකම්වලට අපහාස කරන අය පත්කරපු පාලකයෝ කොන්ද පණ ඇති රටක් හැදුවා නම් අපටත් අපරාධකාරයින්ට ඔහොම සලකන්න තිබුණා...
උඩින් තියෙන කමෙන්ට්ස් වලට ඩිස්ලයික් දාපු ඔක්කොම ත්‍රස්තවාදීන්...
නිරායුධ මිනිසුන් කිසිදු හේතුවක් නැතිව අමු අමුවේ මරා දැමීමේ අපරාධයට මෙලොවින්ම දඩුවම් ලැබී ඇත. වරදට දඩුවම් දෙන අපායද පිහිටා ඇත්තේ මේ මහ පොලවේමය.
පුටින්ගේ අසූචි කාලා, කැලෑ පත්තරේ පහරලා වගෙයි මට නම් පේන්නේ... උදේ ඉඳන් රෑ වෙනකම් ටෙලි ඩ්‍රාමා බලන ඔබලාට චූන් වෙන්න හොඳයි. මොවුන්ව අල්ලාගෙන තියෙන්නේත් මේ සිද්ධිය වුණු ස්ථානයෙන් කිලෝමීටර් එකසිය හතළිහක් එපිටින්... පුටින්ලා හුරතලේට ඇතිකරන ඔබලාගේ ජාතියේම කුක්කෝ තමයි ඔය පින්තුරවලත් ඉන්නේ...
ගැහුවා මදි...!