IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රසායයනික පොහොර ඉල්ලා වැලිකන්දේ ගොවීහු උද්ඝෝෂණයේ

(නිමල් ජයරත්න)

මෙවර මහ කන්නයේ වී වගා කිරීම සඳහා කඩිනමින් රසායනික පොහොර ලබා දෙන ලෙසට  රජයට බල කරමින් වැලිකන්ද ගම්මාන රැසක ගොවීන් පිරිසක් පැරකුම් යාය වෙල්යායට පැමිණ 14 වෙනිදා,දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.

සමගි ජන බලවේගයේ  පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කින්ස් නෙල්සන් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම  උද්ඝෝෂණය සඳහා,පැරකුමි යාය, මහවැලිතැන්න. සිංහපුර.   දිඹුලාන, ඇතුළු අවට  ගම්මාන කිහිපයක, සිංහල, මුස්ලිම් ගොවීන් මෙන්ම ගොවි සංවිධානවල නියෝජිතයින් රැසක්  එක්ව සිටියහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස්  නෙල්සන් මහතා  පැවසුවේ ගොවියා මතින් පාර්ලිමේන්තුවට ගිය  පොලොන්නරුව  නියෝජනය කරන ආණ්ඩුපක්ෂ  මන්ත්‍රීවරුන් සිව් දෙනාට ගොවියා සමග  එක්වී රසායනික පොහොර  සහනාධාරය ලබා දීමට හඬක් නගා ගොවියා වෙනුවෙන් පෙනී සිටින ලෙසයි.

 මෙහිදී ගොවීන් සහ ගොවි නියෝජිතයින් සඳහන් කළේ පස හා සියලු බීජ වර්ග  රසායනික පොහොරවලට හුරු වී ඇති බැවින්  කාබනික පොහොර නොදී   රසායනික පොහොර ලබා නොදීමට රජය  ක්‍රියා  කළහොත් මෙවර මාදුරු ඔය ජලාශයට  ජලය නිකුත් කෙරුවද වී වගාව සම්පූර්ණයෙන් අත් හැරීමට කටයුතු කරන බවයි.

මෙහිදී ප්‍රදේශ්යේ ගොවීන් පිරිසක්   රසායනික හා  කාබනික පොහොර  වලින් වගා කෙරූ වගාව්න් කිහිපයක් ද මාධ්‍යයට පෙන්වා එහි වෙනස පෙන්වමින්   රසායනික පොහොර යොදා වගා කෙරේ වගාවල සාර්ථකභ භාවය පෙන්වීමට ද කටයුතු කළහ.

මෙම අවස්ථාවට ප්‍රදේශ්යේ ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ගොවීහු හාරසියයකට අධික පිරිසක් එක්ව සිටිය.

ගොවින් වෙල් යායට බැස උද්ඝෝෂණය  සිදුකරන අවස්ථා සහ  රසායනික පොහොර භාවිතයෙන් වගා කරලන ලද සාර්ථක අස්වැන්නක් අත්  ට්‍රැක්ටරයක තබා පෙන්වන අයුරු පින්තූර මේල් කළා. 



අදහස් (0)

රසායයනික පොහොර ඉල්ලා වැලිකන්දේ ගොවීහු උද්ඝෝෂණයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31020 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 14 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site