විෂ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මැලේසියාවේ ජොහෝර් පළාතේ පාසැල් 111ක් වසා දැමීමට සිදුවූ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
මේ හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 200ක් පමණ රෝහල් ගතකර තිබේ.
ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවකට බැහැර කරන විෂ සහිත අපද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව බලධාරීහු විශ්වාස කරති.
පුද්ගලයන් හයදෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මැලේසියාවේ අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කර ඇත්තේ තත්ත්වය බරපතල බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd