(ඩයනා උදයංගනී)
තමන් නිෂ්පාදනය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට හිමි වූ සම්මානය ලබාගැනීම සඳහා රුසියාවට ගිය ගමන වෙනුවෙන් රජයේ මුදල් සත පහක්වත් වියදම් කළේ නැතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම පෞද්ගලික සංචාරයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දීර්ඝ කාලයක් විවිධ අමාත්‍ය තනතුරු දරා ඇති තමන් මෙතෙක් නිරත වූ විදේශ සංචාරවලදී රජයෙන් ලබාදුන් මුදල්වලින් ඉතිරි වූ මුදල් පවා රජයට ආපසු ලබාදී ඇතැයි ඇමතිවරයා කීවේය.
‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් ද වන කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල යන රංගන ශිල්පීන් දෙදෙනා මෙම උළෙලට නොපැමිණියේ ඔවුන්ට යොදාගත් රාජකාරි බැහැර තිබූ නිසා බවත්, එහි හොඳම නළුවන් සඳහා වන සම්මාන ඔවුන්ට හිමිවන බව අවසානය තෙක් දැන නොසිටි බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සල්ලි අවශ්‍ය නැහැ... පහුගිය කාලෙ ගසාකාපු සල්ලි ඕනෑ තරම් තියෙනවා.
හරි හරි ඔය සල්ලි සුදුළූණු හොරකම් කරලා හම්බකරපුවා.
අපි හොරුන්ගේ අම්මලාගෙන් පේන අහන්න යන්නේ නැහැ.
දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ. අපි තමුන් ගැන දන්නේ හුඟක්කල් ඉඳලා. වෙළෙඳ හා පාරිභෝගික ඇමැතියා වෙලා හිටපු කාලේ ඉඳලා කියපුවා, කරපුවා මතක නැතුව ඇති. ආර්තික ඔස්තාර් කිව්වාට මොලේ උඩ ඉන්නේ...
ඇයි ගියේ, ඔබතුමා මොනවද කරලා තියෙන්නේ එම ජයග්‍රහණයට...?
වියදම් කලේ නැහැ කියන්න ඕනි නෑ. එහෙම වියදම් කරන්න බෑ. ඒක නීති විරෝධියි. මෙයා හරියට කියන්න් ඕන නම් වියදම් කරන්න පුළුවන් වගේ පිස්සු කතාවක්.
ඊළඟ චිත්‍රපටය "සුදුලූණු"