IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රේස් එකෙන් දිනූ ගවයා මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

(සුමිත් පොතුපිටිය සහ  සමන් කාරියවසම්)

තිරික්කල් රේස් තරගවල සිය ගවයා පරදවන කින්නියා ගවයකු කොන්ත්‍රාත්තුවක්දී මසට විකිණීමේ සිද්ධියක් සම්බන්දයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ඉතා හොදින් වැඩී ඇති රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනාකමකින් යුත් කින්නියා ගවයා මස් පිණිස අලෙවි කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ අසූපන් දහසකට බවද පොලිසිය කීය.

බණ්ඩාරගම , අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ පළමු සැකකරු මුදල් ඔට්ටුවට පවත්වන තිරික්කල් රේස් සදහා සහභාගී වන මිතුරන් දෙදෙනකු බවත්, කොන්ත්‍රාත්තුවක් ලබාදී ඝාතනය කර ඇති ගවයා පසුගිය දිනවල පැවතී සියලු තරග වලින් ජයගෙන ඇති බවත් සදහන් වේ.

එයින් වෛරයක් ගොඩනැගී ඇති අනෙක් මිතුරා දෙවන සැකකරුට කොන්ත්‍රාත්තුවක් දී එම දක්ෂ ගවයා මස් පිණිස කළුතර ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් වෙත අලෙවි කිරිමට කටයුතු කර තිබූ බව පොලිසිය කීය.

එවැනි ගවයකු නඩත්තු කිරීම සදහා මාමයිට්, විවිධ ඖෂධ සහ කොල්ලු ඇතුළු දෑ ලබාදී නඩත්තු කිරීම සදහා මසකට රුපියල් පනස් දහසක් පමණ වැයකරන බවත් සදහන්වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම සහ අටුළුගම ප්‍රදේශයේ පදිංචි 40 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.



අදහස් (3)

රේස් එකෙන් දිනූ ගවයා මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

Indika Thursday, 24 August 2023 08:01 AM

මෙච්චර කල් හිතන් හිටියේ ඔය වගේ සිද්දි වෙන්නේ ඉන්දියාවේ ෆිල්ම් වල විතරයි කියල. ලංකාවේ ඉන්නේ තිරිසන්නු.

:       0       24

chathuraniThursday, 24 August 2023 06:02 PM

අදද දන්නේ? මේ ධර්මද්වීපයේ 50% කට වැඩිය ඉන්නේ ඔය වර්ගයේ ජරා ගති තියෙන දෙපා සත්තු.ඉතිරි උන්ගෙන් 25% එහෙටත් නැති මෙහාටත් නැති රුපියල් 100 ටත් නැමෙන කාලකන්නි. ඉතිරි 25% න් තමයි මිනිසෙක් හොයාගන්න වෙන්නේ.

:       0       1

sam Thursday, 24 August 2023 01:04 PM

ඔය කාලකන්නි දෙන්නත් මසටම විකුනනවා නම් තමයි හොඳ

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site