
(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථා යටතේ තමා වෙත පැවරුණු බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ද වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ මහතාට යැවූ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියේ සඳහන් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එම රැස්වීමේ ආරම්භක අවස්ථාව සඳහා ද රොෂාන් රණසිංහ මහතා සහභාගී වී ඇත.
අනතුරුව ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇමැති අනුකමිටුවක් පත් කළේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම සඳහා දුරදිග කල්පනා කිරීමෙන් පසුව බවයි.
තමා කිසිවිටෙක පටු දැක්මකින් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවක් පත් කිරීමේ සිට මේ දක්වා සිදු වූ සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී පුළුල් විග්‍රහයක් කර ඇති අතර අනතුරුව රොෂාන් රණසිංහ මහතා වෙත තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපිය බාරදී තිබේ.
ඉවත් කිරීමේ ලිපිය බාර ගත් රොෂාන් රණසිංහ මහතා පවසා ඇත්තේ තමා දූෂණයට විරුද්ධ බවයි.තමා ද දූෂණයට විරුද්ධ බව එහිදී ජනාධිපතිවරයා අමාත්‍යවරයාට පවසා ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා ඉකුත් නොවැම්බර් 6 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ අතර පසුව අධිකරණය විසින් එම අතුරු පාලක මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නිර්දේශ නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් ද කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද අතර අදාල සිද්ධි පදනම් කරගනිමින් රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයක දීම ජනාධිපතිවරයා ගේ මෙන්ම රජය පාර්ශ්වයේ ඇතැම් ක්‍රියා කලාපයන් ගැන විවේචනාත්මකව කරුණු දැක්වීය.
අවසන් වශයෙන් රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (27) පෙරවරුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙන්ම රජයේ ඇතැම් පාර්ශවයන් ද දැඩි විවේචනයකට ලක් කළේය.තමා අමාත්‍ය අමාත්‍ය ධුර වලින් ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමින් පැවසීය.
රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කරනු ලැබූයේ මේ අතරතුරදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පට්ට...! මිස්ටර් බීන් ගේ තවත් ජවනිකාවක්...!
ජනාධිපතිට, සාගලට මොනවාහරි කිව්වාම දරාගන්න බෑ වගේ... මේ මිනිස්සු දෙන්නා මේ විනාශ වෙච්ච රට තවත් විනාශ කරනවා. රොෂාන් ඇමැතිතුමා කිව්වා වගේ, සාගල කියන්නේ කවුද?
ඔන්න ලංකාවේ තත්වය... හොරු දිනුම්...!
මේ කියාපාන්නේ ක්‍රිකට් පාලක මණ්ඩල බලය සහ අපේ රටේ මහත්මා දේශපාලනයේ තරමයි...!
අයියෝ, පව්...!
ඔක උනෙ නැත්නම් තමයි පුදුමෙ..රනිල් රාජපක්ශ කියන්නෙ එකට තමයි
දැන් 134ට සැපද? ඉල්ලන් කෑව නේද?
හොරු ඔක්කොම එකතුවෙලා.... ලංකාවේ ක්‍රිකට් ඉවරටම ඉවරයි........
සියලුම දේවල්වලට වඩා සල්ලි බලවත් බව පැහැදිලියි.
පිනපති තුමා කොහොමත් හොරුන්ගේ පැත්ත ගන්න බව අපි හොමෝම දැනගෙන හිටිය
තවත් විනෝද සමයක් මෙසේ ආරම්භ වූ වගයි.
කෝ අර අරගල හැත්ත බුරුත්ත... බැරිද ඒ අයට ජනාධිපති මන්දිරය වටලලා, රූපවාහිනියට පැනලා මේ "ඒකාධිපති වියරුවට" විරෝධය පාන්න... අකුදී, සජි බබා සහ සමාගම, ඔන්න අවස්ථාව තමන්ගේ වීරත්වය පෙන්නන්න. ජූලී නෝනාත් උදව්වට එයි...!
දැන් හොඳටම පැහැදිලියි හොරුන් රකින්නේ කවුද කියලා... වංචා, දූෂණය ගැන රනිල් කෙලින්ම වගකිව යුතුයි. මහ බැංකු හොරු රකිනවා වගේම ක්‍රිකට් හොරුත් රකිනවා...!
හොරුන්ට ගිය රට. රොෂාන් මැතිතුමනි, ඔබට හොරු පැන්නීමට යෝධ බල ලැබේවා...!
අර්ජුන හරි විදියට පාලක මණ්ඩලයට එනවා නම් හොඳයි.. නමුත් ඇමැති නම් දේශපාලන ගේම් 1ක් ගැහැව්වා. මිනිස්සු අතරට යන්න, ඒකට ඉත්තා කරේ අර්ජුන... බලය හරි විදියට ගන්න...
රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පළමු වන සුදු කොඩිය එසවුණු වගයි. අනිච්චාවත සංඛාරා...!
ජනාධිපති රනිල් හැමදාම කළේ තමන්ට ලැබෙන්න තිබෙන ඡන්ද එන්න එන්න අඩුකර ගැනීම තමයි. ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම පරාද වෙනවා තමයි... නමුත් තියෙන ඡන්ද ටිකත් මෙයා නැතිකර ගන්නවා.
අධිරාජ්‍ය ගැති සර්වබලධාරී මහා ක්‍රිකට් සොරමුල සොලවන්න තැත් කළ, මහ කයිවාරු කෙරුමන් පවා කට සෙලවීමට බියවූ දෙයකට අතගැසීමේ ගෞරවය හිමි ගමේ පණ ඇති කොල්ලෙක්...!
මට අරගලකාරයෝ පෙන්නන්න බෑ...
කලින්ම විය යුතුව තිබුණු වැඩක්... පමාවී සිදුවීම පමණයි...!
මැක්ස් කියන කෙනා මොලේ උඩ ඉන්න කෙනෙක් වගේ.අරගලය නිසා තමයි 69 ලක්ෂයක් චන්දෙ ගත්තු තුනෙන් දෙකේ බලයක් තිබුනු දූෂිත පවුල් පාලනේ උන්ව පැන්නුවේ .ආර්තික ගාතකයෝ රකින එකනේ පින් ජනපතියා කරන්නේ.
මේක තනිකර නිධන් හොරුන්ගේ සහ හොර සල්ලි අච්චු ගහපු අයගේ තවත් කුමන්ත්‍රණයක්...
මානසික රෝගියෙක් ජනාධිපති කරගත්තාම ඕවා ඔහොම තමයි. පිස්සෙක් රජ වුණත් එකයි.. රජාට පිස්සු වුණත් එකයි.
නටපු නැටුමකුත් නැත. අන්තිමට බෙරේ පලුවකුත් නැත..
සල්ලි බලය පෙන්නුවා...!
හොරු සිටින රටක් ලොකු අය හොරු වුණාම...
හොරු සමග හෙලුවෙන්! රට කන අපතයින්!! ඊළඟ මැතිවරණයේදී 226ම ගෙදරට යවමු...!
මේක තමයි කල යුතු දෙය මෙච්චර කල් ඉඳලා බොරු ෂෝ එකක් දාන්න ගියා
රොෂාන් ඔය බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ නිසා ඒ ගැන දුක් වෙන්න එපා ආරක්ෂාව ඉල්ලා අඬන්නත් එපා. වඩුගයත් වැඩිකල් ඉන්න එකක් නැහැ. ඌ වෙනුවෙන් ජනතාව ගොක්කොල දාන එකක් නැහැ.
හොඳ තීරණයක් මොකද මෙයා ඕනවට වැඩ දැඟලුවා . ඇත්තටම මෙයාට අවංකවම ක්‍රිකට් හදන්න නම් උවමන උනේ ඇයි මේ ලඟකදී ඉඳල කුලප්පු උනේ ? එයාට තිබුනනේ ක්‍රීඩා ඇමතු උනුගමන්ම ඔයවදේ පටන්ගන්න . මෙයා මෙතනදී වෙනගේමක් තමයි ප්ලේ කරන්න හැදුවේ . දැන් ඉතින් සජබෙන් එන්නයි හදන්නේ . අවාසනාවට පොළොන්නරුවේ ජනතාව මෙයාව ඊළඟ පාරත් පාර්ලිමේන්තු එවනවා.