(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදාහරින ලෙසට ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මීට පෙර අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරනු ලැබ තිබිණි.

ඒ අනුව, මෙම සිද්ධියේ පැමිණිල්ල වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් දැනුම් දුන්නේ නීතිපති නියෝජනයක් ද සමග එම ලිඛිත දේශනවලට ප්‍රති උත්තර බැඳීමට අධිකරණයේ පෙනී සිටින ලෙසය.