(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියර ඉදිරිකිරීම් හෙට (07) ආරම්භ වේ. මෙම පළමු අදියර ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 5470 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.
ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිතය. අදියර තුනකින් ඉදිකිරීමට නියමිත රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර 73.9 කි.
එම මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට යෝජිතය. එහි පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3 ක දුරක් සම්පූර්ණ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවතැන්වූවන්ට සාධාරන වන්දියක් ගෙවන්න.
හොඳ වැඩක් ඉක්මනින් අවසන් කරන්න...
පාරෙන් ගසා කන්නේ නැතිව නියමිත කාලයට නියමිත තත්වයනේ නිමා කළොත් නියමයි