(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වන රුවන් කල්පගේ මහතා ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස පත්කර තිබේ.

ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සිට රුවන් කල්පගේ මහතා ඕමාන කණ්ඩායමට සේවය සැපයීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන හිටපු නායකයකු ද දුලිප් මෙන්ඩිස් මහතා ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්මාන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සහ ඕමානය කර විස්සයි20 තරග දෙකක් ලබන මස මුල දී පැවැත්වීමට නියමිතය.