
( මනෝප්‍රිය ගුණසේකර )
බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් කෝටි ගණනක් පාඩුවක් කළැයි චෝදනා පවරා ඇති නඩුව සදහා අධිකරණයට ඉදිරිපත් නොකළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකු ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියම කළේය.
මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ටෙසරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලොසියස්, අර්ජුන් ඇලොසියස් සහ කසුන් පළිසේන යන විත්ති කරුවන් අද බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ද රවි කරුණානායක මහතා සමග එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත් දන්වා සිටියේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්ය පටබැදි යන විනිසුරුමඩුල්ල මෙම නියෝගය ලබා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd