( මනෝප්‍රිය ගුණසේකර )
බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් කෝටි ගණනක් පාඩුවක් කළැයි චෝදනා පවරා ඇති නඩුව සදහා අධිකරණයට ඉදිරිපත් නොකළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකු ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරීවරයාට අද (19) නියම කළේය.
මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ටෙසරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලොසියස්, අර්ජුන් ඇලොසියස් සහ කසුන් පළිසේන යන විත්ති කරුවන් අද බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ද රවි කරුණානායක මහතා සමග එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත් දන්වා සිටියේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්ය පටබැදි යන විනිසුරුමඩුල්ල මෙම නියෝගය ලබා දුන්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රවී ඇතුළු පිරිස 25 අධිකරණයට කැඳවන්නැයි නියෝග