(තරිඳු ජයවර්ධන)
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.
2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
ඉහත සැකකරුවන් 12 නම් කර ඇත්තේ 2016.03.29 බැඳුම්කර ගනුදෙනුවටය. 2016.03.31 ගනුදෙනුවට අදාළ සැකකරුවන් ගණන 11කි.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
7 .චිත්ත රංජන් හුළුගල්ල
8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්
9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර


(ඡායාරූප - ඉෂාන් සංජිව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී අත්අඩංගුවට ගන්න තිබුනේ දැනට අවුරුදු කිහිපයකට කලින් කමක් නැහැ දැන් හරි මේ කට්ටිය ඇතුළට දමලා මහේන්ද්‍රන් නැතුව හරි මේ නඩුව විශේෂ නඩුවක් ලෙස මාස කිහිපයක් ඇතුලත අහලා මොවුන් නිර්දෝෂ නම් නිදහස් කරන්න නැතිනම් මොවුන්ට දඩුවම් දෙන්න. මොවුන් සතුව විශාල දේපලක් තිබෙනවා. මේ දේපල රාජසන්තක කරලා විකුණලා දමලා පාඩුව පියවගන්න ඕනේ. බොරුවට මාධ්‍ය සංදර්ශනයක් පෙන්වලා රිමාන්ඩ් කරලා නැවත සති දෙක තුනකින් ඇප දීලා එළියට දමන්න එපා. උදයංග විරතුංගටත් මේ හැන්දෙන්ම බෙදන්න.
බිය නොවන්න. මේ තක්කඩියට ඉතාම කෙටි කාලයකදී අසුහාරදාහේ ලෙඩ වැළදෙනු ඇත. ඔන්න පන යන්න මෙන්න පන යන්න ලෙස අසනීප වෙනු ඇත. එයට සමගාමිව සුදු කබා කාරයන් ( ඕනෑම ජරාවක් ගිලින කබරයන් ) මාගේ " ආයෝජකය " ඉතාම අසාධ්‍ය තත්වයක ඉන්න බැවින් විදෙස් රටක ඉස්පිරිතාලෙකට ගෙනයායුතුව ඇති යන බේගල් දෙසාබනු ඇත. එලෙසම මුදල් වලට ඕනෑම කුපාඩිකමක් කරන විශේඥ දොස්තරලා කප්පරක් වාර්තා ඉදිරිපත් කරනු ඇත. අවසානයේ අහිංසක පුරවැසියන් මෙම සියලුම පක්ෂවල නිවට දේශපාලුවන්ට රැවටී ඇත.
රංජන් රාමනායක මහතා රිමාන්ඩ් කළ වරදට වඩා බරපතළ වැරදි මෙයා කරලා තියෙනවා අතාරින්න නම් එපා.
මෙය මැතිවරණ සංදර්ශනයක් කර නොගෙන හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න.
69 ලක්ෂය රැවටීමට තවත් නාඩගමක්.
රවී බයවෙන්ඩ එපා ඔයාලට හෙල්ප් එකට පොදුජන පෙරමුණ ඔබ සමග
මට නැවත නැවතත් බෞද්ධ කවියක් මතක් වෙනවා "කරන කලට පවු මිහිරිය මීසේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ,,,,,,,
අපේ ආසියාවේ හොඳම මුදල් ඇමතිට මේ නිසා ලෙඩ දුක නොවේවා.
රවී කරුනානයකව අතඩංගුවට ගන්න ඕනෙ. ඒ වගේම තව කොච්චර අය ඉන්නවද මේ මහබැංකු හුටපටයට අතඩංගුවට ගතයුතු අය.
මෙයාලා අත්අඩංගුවට ගන්නවාට වැඩිය වේගෙන් එළියට එනවා. මේක මේ ජනතාවට දෙන පොඩි "මොරාල් බූස්ට්" එකක්. වැඩිය සතුටු වෙන්න එපා. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලි..
එජාප උපනායකයා. මරු පක්ෂේ.
දැන්වත් හරියට නීතිය ක්‍රියාකරන්න...
නීතිවිරෝධී වැඩ කර ඇත්නම් ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තිබෙන අතර තප්පුල තප්පුලන්නේ කුමක් වෙනුවෙන් දැයි දන්නේ දෙයියන් පමණි. ලකුණු දාගැනීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැන ගැනීම ඔහුගේ අභිප්‍රායනම් එයින් රට වෙන සෙතක් නැති අතර තප්පුලන්නට අනාගතයේ තැනක් නැතිවෙනු ඇත...
මහා මැතිවරණය ඉවරවෙනතුරු රඟපාමු. ඡන්දෙන් පස්සේ මහජනයාට කොකා පෙන්වමු.
මුකුත් වෙන්නේ නැත. ටික දවසක් ඉඳලා එළියට ඇවිල්ලා අධිකරණය ස්වාධීනයි කියයි. අන්තිමට ඔය ලොවෙත් නැති එක්කෙනෙක් වැරදිකරු වෙයි...
මේක තවත් ටෙලි නාට්‍යයක්ද?
මෙය මැතිවරණය ඉලක්ක කරගෙන කරන්නෙක් නොව වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ක්‍රියාදාමයක් වේවා...!!!
එයාර්බස් ගනුදෙනුව ගැන දැන් කතාවක් නැද්ද?
මේ කමෙන්ට්ස් දකින කොට මට අනේ කියලා හිතෙනවා. යුක්තිය ඉල්ලා කරන අහිංසක පැතුම් නේද මේ දෝරේ ගලන්නේ? ඒත්, ඒ පැතුම් එහෙමම දෝරේ ගලාගෙන හිහින් මුහුදට වැටෙයි. කේස් ක්ලෝස්...
පොඩි හොරු ටික ගත්තා දැන් ඊට වඩා ලොකු හොරු, 2015 පෙර මීට වඩා දහ ගුණයක් මහා බැංකුව හොරකම් කරපු හොරු අල්ලන්නේ කවදාද?
මේක හොඳ දෙයක්. ඒ එක්කම නීතිපති දප්පුල ද ලිවේරා මහතා 2015 ට පෙර කල මහා බැංකු වංචා කල පුද්ගලයනුත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස උපදෙස් දෙනු ඇති කියල බලාපොරොත්තු වෙනවා.
මේවාට තමා අංක එකේ දේශපාලන පලිගැනීම් කියන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය ලංවෙනකොට එජාපයේ සහ එජාපෙරමුනේ බලකණු සියල්ලෝම කූඩු කර "ඒකපාක්ෂික මැතිවරණයක්" ජයට පවත්වා 2/3 ක ඊනියා ජයග්‍රහණයක් රාජපක්ෂ පවුල් සංස්ථාවට ලබාදීමට ඔවුන් වටා සිටින ගෝල බාලයන් ක්‍රියාත්මක වෙන හැටි දැන් දැන් පෙනෙමින් තිබෙනවා... සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල අහස උසට යමින් තිබෙන මිල ගණන් මහජනයාට මොහොතකට හෝ අමතක කරවීමට මෙවැනි රඟපෑම් මැතිවරණය දක්වාම රටට බලා ගැනීමට රජය උත්සුක වෙනබව දන්නෝ දනිති.
ඔප්පු වූනොත් අවුරුදු 20 කට මහඋළුගෙදර. මේ අත්අඩංගුවට ගැනීමත් පිලපිටිය ගත්තා වගේ වෙයිද දන්නේ නෑ.
ඔය ලොකු ලොකු ඩීල් පසුපස කොයි කොයි පක්ෂවල ලොකු ලොකු චරිත ඔක්කොම වගේ හවුල් නිසා මේ ලොක්කෝ කිසි කෙනෙක් හිරේ යන්නේ නැත. මේවා ජනතාව රවට්ටන ජනතාවට කොකා පෙන්වීමේ ජවනිකා පමනයි.
මේ ඔක්කොම මාධ්‍ය සංදර්ශන පමණයි. හොරාගේ අම්මගෙන් පේන ඇසීම... වොෂින් මැෂින් එකට දාල ගන්න එක තමා වෙන්නේ. මෝඩ මහජනයා කටවල් අරගෙන බලන් ඉන්නවා.
මේකත් පලිගැනීමක් කියයිද දන්නේ නැහැ.
මැතිවරණ සමයේ බයියන්ගේ හිත සුව පිනිස එලිදක්වනු ලබන නාට්‍ය මාලාවේ පළමු දැක්ම
ඉතා හොඳයි. මේ පසු බාගය පෙර බාගය ගැනත් වහා අවශ්‍ය කටයුතු කල යුතුය. නීතිපති එවිටයි පුරවැසියන්ට ණය නැතුව යන්නේ
එල්ලුම් ගස්නම් යවන්න හදන්න එපා. මොකද ලෝකේ ඉදපු හොදම මුදල් ඇමති තමයි අපිට හිටියේ. මේ වගේ මිනිස්සු නැත්නම් ලංකාවට ඉර පායන්නෙත් නෑ.
ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය
දෙයියන්ගේ පිහිටෙන් මගේ නම වොහාරික වාර්තාවේ නෑ කියලා මෙයා කිව්වා නේ ද?
මමනම් හිතන්නේ රවී මේ දේවල් කෙරුවේ හොරු අල්ලන්ඩ කියලා. සියල්ල කෙරුවේ අප වෙනුවෙන් මිත්‍රවරුනි.
රවී, ඉස්පිරිතාලේ සුදානම්. ඔබ සුදානම්ද ?
අගේ කල යුතු ක්‍රියාවක්, මේක සම්පුර්ණ වෙන්න හිටපු අගමැති තුමත් ගන්න වෙයි. ඒ වගේම 2015 පෙර වුන කියන මහා බැංකු හොරකම් විභාග කරලා වගකිය යුත්තෝ මේ ආණ්ඩුවේ මොන තරාතිරමක හිටියත් ඇතුලට ගන්න. එතකොට මහා ජනතාවට සැනසෙන්න පුළුවන් නීතිය සැමට පොදුයි කියලා.
මෙන්න තවත් දැවැන්ත හයේ පාරක්...
තාජුදීන් 2, මහබැංකු මංකොල්ලය දැන් තිරගත වේ...
ඔප්පු වුනොත් අවුරුදු 20කට හිරේ ... ඔප්පු වෙන්නත් ඉතින් අවුරුදු 20ක් විතර වගේ යාවි. දැනටමත් අවුරුදු කීයක් ගිහින් ද… පස්සේ ඉතින් අපටත් අමතක වෙලා යාවි එහෙම දේවල් වුනාද කියලත්.
බොරු සෝබන. කවුරුත් පොඩි රංගනයක යෙදෙනවා. ඡන්දෙ ලඟයි නොවැ.
මුස්ලිම් හෝටල් වලින් කන අය ඉක්මනින් අද හෙටම කන්න නැත්නම් ඡන්දෙ නිසා වඳපෙති නාඩගම එලියට එනවා. මේ බැදුම්කර නාඩගම ආයෙ ඇවිල්ලා තියෙන්නෙ ජිනීවා සන්නිය, වදපෙති නාඩගම, කොටි සන්නිය, අයි එස් කෝලම, විල්පත්තු මගෙඩිය දේශප්‍රේමි ජල්ලිය මග එනෝ...
ගානියාගේ 'ස්විස් අන්දරය’ චම්පිකගේ "මාරක රිය අනතුර" රාජිතගේ "සුදුවෑන් පිල්ලිය' රන්ජන්ගේ "හඩපට හුටපට' නමැති ඒකාංගික ටෙලිනාට්‍ය අවසන් අදියරට පැමිණ තිබෙන මොහොතේ "රවී ඩීල්" ප්‍රාසාංග 7ක ටෙලිනාට්‍ය මාලාව දැන් ප්‍රදර්ශනය වෙමින් පවතී
ළමායි දුවලා එන්න .... ලොකු මාමිලා ඔන්න අල්ලන සෙල්ලං පටන් ගන්න යන්නේ.... අවුරුදුත් ඉවර වෙලා තවත් දවස් දහයක් කරනවා. ඒ කියන්නේ අප්‍රේල් 25න් පස්සේ මාමිලා හොඳ ළමයි වගේ සෙල්ලම් නතර කරලා යාලුවෙනවා. යාලු වෙලා බොරුවට රන්ඩු වේවී.
"ඔබට දැන් සතුටුද" කියා බයියාලා රහසින් අහනවා නේද ? දැනටම ඔවුන් සිංහල සහ දමිල නව අවුරුදු ජයග්‍රහණය කර තිබෙන වග නම් පැහැදිලිවම පේනවා !!!
ඡන්දෙට පෙර හිත සැනසුම පිණිස කරන පළමු නාඩගම.
මේවා ජනතාව අන්දවන්න කරන වැඩ? දේශපාලුවන් වැඩි හරියක් හොර දූෂිතයන්... අද බලයේ ඉන්න අය කියන්නේ නිකම්ද?
වැඩක් නැත. මේ අයව රිමාන්ඩ් එකේ තියාගනියි සුමාන දෙකක්. ඊට පස්සේ ගෙදර යාවි.
පහුගිය කාලේ දප්පුල තප්පුලයි කියලා තිබුනේ මොකද දන්නේ නැහැ. නම් ලිස්ට් එකේ ඉන්න අයට අමතරව රටම පවුල් පිටින් ගිලපු හොරු තව කොච්චර කියලා ඉන්නවද?