
(ආරියරත්න රණබාහු)
චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය .
රිලවුන් ලක්ෂයක් චිනයේ සත්වොද්‍යන වලට යැවීමට තමා පියවර ගත් අවස්ථාවේදී ඇතැම් පරිසර වෙදින් අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය බැවින් එය අත්හිටුවීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා පරිසර වේදි සංවිධාන සමඟ තමා සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුවද ඔවුන් පිළිගත හැකි ප්‍රායෝගික විසඳුම් නුදුන් බවද සඳහන් කළේය.
ඇතැම් පරිසර සංවිධාන වල පිරිස් පැවසුවේ සාරි එල්ලීම ගස්වලට තහඩු බැඳීම අක්කර පහක් තිබේනම් අක්කර භාගයක් සතුන්ට අත්හැරීම ආදී ප්‍රායෝගිකනොවන යෝජනා යයිද අමරවීර මහතා කීය.
කෙසේ වෙතත්රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට තාමත් ඉඩකඩ ඇති බැවින් වහාම එම යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලව් නොවෙයි රට යවන්න ඕනෑ ඔබලා. මොකද නුඹලාගෙන් තරම් කරදරයක් රිලවුන්ගෙන් නැහැ.
හොඳම ලණුවක්...
පැරැදුණු අයගේ උපදෙස් ඕන නැතෝ...!
ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව මෙය බව පැහැදිලියි...
ඒත් එක්කම මුවත් යවන්න පලවෙනි ටිප් එකටම...!
පාස්පෝට් එකනං රෑ දවල් නැතුව පෝලිමේ ඉඳලා හදාගත්තා සර්. ඒත් වීසා දෙයිද? එහෙ භාෂාවත් අමාරුයිලු නේද සර්? අපිව විතරක් තනියෙන් යවන්න එපා සර්. වැඩ නැති එකේ සර්ලගේ කට්ටියවත් එක්කගෙන යං, සර්.
සමහර අය කියන කියම්නක් තමයි "බල්ලො මරලා හරි කම්ක් නෑ සල්ලි සොයන්න ඕනෑ" කියා. ඒ කියමන සේ ඉදිරියේ මෙසේ කියන්නත් පුළුවන්. ඒ තමයි " රිලව් මරලා හරි කමක් නෑ සල්ලි සොයන්න ඕනෑ" යනුවෙනි. 21 වෙනි සියවසේ සිංහල භාෂාවට එක් වූ වැකියක් වශයෙන් ලෝකයට ම එය ව්‍යාප්ත කළ හැක. ඩයිනමයිට් සොයා ගත් ඇල්ප්‍රඩ් නොබෙල් තමා අරභයා අනුන් කළ අපහාසය වළකා ගැනීමට නොබෙල් ත්‍යාගය නිර්මාණය කළේය. අවමානයෙන් බේරීමට ඒ ඔහු කළ සූක්ෂම විජ්ජාවයි. අදත් ඒ ඩයනමයිට් වෙඩි තවමත් පත්තු වේවි. මනුෂ්‍ය ඝාතන සිදුවේ. පේටන්ට් බලපත්‍ර වලින් තවමත් මුදල් ලැබේ. යුද්ධ වලින් මනුෂ්‍ය ඝාතන නිමක් නැත. ඒ නමුදු නොබෙල් විසින් සෑදූ නොබෙල් සාම ත්‍යාගය ඇල්ප්‍රඩ් නොබෙල්ගේ මිනී මරණ කුණු සෝදාලමින් ලෝකයේ විරාජමාන වී ඇත. දියුණු යයි සම්මත ලෝකයේ විජ්ජාකාරයින්ගේ සූක්ෂම ගැටවලට අසු වී සාටෝප වින්දනයක් ලබන හැටි අහෝ පුදුමයි...!
මෙයත් ඇතුළු හිටපු මහා රිලව් කට්ටිය මුලින් යවලා පටන් ගනිමු...
මෙතුමා ඒ වකවානුවේ, රිලවුන්ව චීනෙට පැටවීමට ගත් යහපත් තීරණයට මේ රටේ අමන පරිසර වේදියෝ සහ තක්කඩි පූජක රැල විරුද්ධ වූවා... ඒ නිසා, එම ව්‍යාපෘතියෙන් මේ රටට ලබාගත හැකිව තිබූ ආදායමකුත් අහිමි වුණා. තමන් කන ආහාර වේලට කෙලෙහිගුණ නොදක්වන, ගොවියාට වඩා වන සතුන්ට ගෞරව කරන මේ අමනයින්ට ආහාර වේලත් සත්තුන්ගෙන්ම පිරිමසා ගන්න කියලයි මම නම් යෝජනා කරන්නේ... අලි, රිලව්, මොනර උවදුර මේ රටට මහා ව්‍යවසනයක් හා ශාපයක් වී ඇති බව සමහරක් මන්ද බුද්ධිකයින්ට නොවැටහීම ගැන මට නම් ඇත්තේ පිළිකුලක්... මනුස්ස වෙසින් සිටියත් තිරිසන් සත්ව වර්ගයාගේ ගණයට අයිතිවෙන මේ අමනුස්ස රැල මේ රටට පිළිලයක්... මොවුන්ගේ ගෙවල් වලට රිලවුන් හා මොනරුන් ගෙනැවිත් දමන්න ඕනෑ. එතකොට "සත්ව ආලේ" තරම අපිටත් බලාගන්න පුළුවන්... වර්තමාන රජය මේ අමනයින්ගේ අභියෝගය ජයගත යුතුමයි...!!
මෙතනම රිළවුන් 3 දෙනෙක් ඉන්නවා. එකම මුහුණු තියෙන...
පොඩ්ඩක් ඉවසලා හිටපං මල්ලී, අපි අර ගෙදර යවපු රිලව් සෙට් එක වැලිකඩ යවලා ඉන්නකන්.
එතකොට ඔයාටත් යන්න වෙනවානේ. ඔයත් එහෙටයි මෙහෙටයි පනින කෙනෙක්නේ...
මහින්ද අමරවීරවයි, පවුලේ අයවයි ඉස්සෙල්ලාම යවමු.
රිලව් එක්ක මෙයාවත් යවන්න බැරිද?
පරිසර වේදියො ටික අල්ලලා සත්තුවත්තට දැම්මනම් රිලා පුශ්නෙ විසදෙයි
මෙතුමාත් ඒ සමගම යවන්න .
සියලු දෙනාගෙන් අවසර අරන් කරන්න ඉන්නවා නම් මොනම ව්‍යාපෘතියක් වත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ. මුලින් හරියටම කරන්න යන දේ තීරණය කරලා ඉන්න. ඊට පස්සේ ලංකාවම ආවරණය වන විදිහට සමීක්ෂණයක් තියන්න. එකේ ප්‍රතිපල ප්‍රසිද්ධ කරලා වැඩි දෙනාගේ කැමැත්තට අනුව වැඩ කරන්න.
හිටපු පැරදුණු ගොඩක් රිළව් දැන් රට පටවන්න තමයි තියෙන්නේ... ඔහෙත් එක්කම.
රිලවුන් බහුල ප්‍රදේශවල චීන පවුල් පදිංචි කිරීම වගේ විසඳුමක් යෝජනා උනේ නැද්ද?