(ගයාන් සූරියආරච්චි)

ත්‍රිකුණාමලය ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ අවුරුද්දක් වයසැති බිළිදකු බලහත්කාරයෙන් රැගෙන ගිය බව කියන එම කාන්තාවගේ අනියම් පුරුෂයා  අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි.

එම බිලිදාගේ මව වන 31 හැවිරිදි කාන්තාවක විසින් ශ්‍රීපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ විමර්ශනවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙනඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රීපුර ප්‍ර දේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර අනියම් සැමියා විසින් එම දරුවා ඔහුගේ බව පවසා අවස්ථා කීපයකදීම බලෙන් රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම කාන්තාව පොලිසිය ඉදිරියේ පවසා ඇත්තේ එම දරුවා නීත්‍යානුකූල සැමියාගේ දරුවකු බවය.