(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට විකිණීමට දරන වෑයමට ඉඩ නොදෙන්නැයි ශ්‍රී ලංකාවේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවා තිබේ.
රාම රාවණා කතාව හරහා එළියට එන හනුමා , ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංස්කෘතික අංගයක් බවට පත්ව ඇතැයි ද මේ හේතුව නිසා මෙම වඳුරන් ඉන්දියානුවන් හොඳින් රැකබලා ගන්නා බව අපි දනිමු යනුවෙන් ද අදාළ ලිපියේ සඳහන් වේ.
නමුත් ශ්‍රී ලංකා රජය එම කාරණය අවතක්සේරු කරන බව පෙනෙන්නට ඇතැයි ද සංස්කෘතික කරුණු වලට ඇඟිලි ගැසීම සාහසික ක්‍රියාවක් බවද ඉන්දීය මහ කොමසාරිස්වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
CENS හි ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ අත්සනින් අදාළ ලිපිට යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හේතුව නිසා මෙම වඳුරන් ඉන්දියානුවන් හොඳින් රැකබලා ගන්නා බව අපි දනිමු යනුවෙන් ද අදාළ ලිපියේ සඳහන් වේ.... ඉතිං එහෙනම් මුන් ටික ඉන්දියාවට එවන්නද කියලා ඇහුවානම් ඉවරයිනේ වහෙන් ඔරෝ නැතිව... ගවයෝත් ඉන්දියාව හොඳින් සලකන සතෙක්. උන් මරලා මස් අනුභව කෙරුවාට කමක් නැද්ද කියලා ඇහුවාද දන්නේ නෑ...
ඊගාවට දඩාවතේ යන බල්ලන්ව දකුණු කොරියාවට විකුණාවි...
ඉන්දියාවේ මහරාජලා වැනි වංශවත් පරම්පරාවල ප්‍රභූන්ට ආරාධනා කරන රාත්‍රී භෝජන සංග්‍රහ වල සුවිශේෂි තැනක් රිලා මොළ හෝජනයට ඇත. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ගව ඝාතනය තහනම් වුනත් ලෝකයේ තෙවන හෝ පස්වන තැනට ගවමස් අපණයනය (එක්ස්පෝට්) කරන රට ඉන්දියාවයි. “උපාසක…සක, රා බෝතල් දෙක…දෙක කියලා කියන්නේ මේකටයි
කාරියවසම් ආචාරියා හිතාගෙන ඉන්නේ මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලද ? ඉන්දියාව තමන්ගේ ශුද්ධ සත්වයා වන ගවයා මස් කරලම පිටරට පටවන බව දන්නේ නැත්ද? රිළවුන් මරල මස් කරල එවන්න නොකියා පණ පිටින් අරගෙන යන එක හොඳ නැත් ද මෝල් වහන්සේ? ඇන් ජී ඕ ඩොලර් වලට කහින එක පොඩ්ඩකට නවත්වල මේක පිළිවෙලක් කරගන්න දෙනවද පොඩ්ඩකට.
ගම්වල ජීවත් වෙන අයට රිලවුන් ගෙන් වෙන කරදර වලට කවුද වග කියන්නේ ? එක පැත්තකින් අලින්ගෙන් කරදර . හැම පැත්තෙන් ම තැලෙන්නේ ගම්වල ජීවත් වෙන මිනිස්සු ?
කාරියවසම් සෑර්... වවන්නේ අපි. ඒවා විනාස කරන රිලව් ඔයාට ගෙනත් දෙන්නම් ගෙදරටම. වැඩිය නෙමෙයි 100ක් වගේ.
මොකුත් කරන්න එපා... අපේ වගා බිම්වල ඉන්න රිලව් ඔය මහත්වරුන්ගේ නිවෙස්වලට ගිහින් දමන්න...
ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවන්නේ ගෝපාල් බග්ලේ රිලවුන්ගේ කව්ද?
ඉතින් ඉන්දියාවට පැටෙව්වා නම් ඉවරයිනේ...