IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රිලවුන් රැක ගන්න ඉන්දියාවට ලිපියක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට විකිණීමට දරන වෑයමට ඉඩ නොදෙන්නැයි ශ්‍රී ලංකාවේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවා තිබේ.

රාම රාවණා කතාව හරහා එළියට එන හනුමා , ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංස්කෘතික අංගයක් බවට පත්ව ඇතැයි ද මේ හේතුව නිසා මෙම වඳුරන් ඉන්දියානුවන් හොඳින් රැකබලා ගන්නා බව අපි දනිමු යනුවෙන් ද අදාළ ලිපියේ සඳහන් වේ.

නමුත් ශ්‍රී ලංකා රජය එම කාරණය  අවතක්සේරු කරන බව පෙනෙන්නට ඇතැයි ද සංස්කෘතික කරුණු වලට ඇඟිලි ගැසීම සාහසික ක්‍රියාවක් බවද  ඉන්දීය මහ කොමසාරිස්වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

CENS හි ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගේ අත්සනින් අදාළ ලිපිට යවා ඇත.



අදහස් (9)

රිලවුන් රැක ගන්න ඉන්දියාවට ලිපියක්

රන්මුතුගල Wednesday, 19 April 2023 01:04 PM

"හේතුව නිසා මෙම වඳුරන් ඉන්දියානුවන් හොඳින් රැකබලා ගන්නා බව අපි දනිමු යනුවෙන් ද අදාළ ලිපියේ සඳහන් වේ.... ඉතිං එහෙනම් මුන් ටික ඉන්දියාවට එවන්නද කියලා ඇහුවානම් ඉවරයිනේ වහෙන් ඔරෝ නැතිව... ගවයෝත් ඉන්දියාව හොඳින් සලකන සතෙක්. උන් මරලා මස් අනුභව කෙරුවාට කමක් නැද්ද කියලා ඇහුවාද දන්නේ නෑ...

:       3       31

Perera Wednesday, 19 April 2023 01:49 PM

ඊගාවට දඩාවතේ යන බල්ලන්ව දකුණු කොරියාවට විකුණාවි...

:       1       17

පිටිගල මිලානෝ Wednesday, 19 April 2023 02:33 PM

ඉන්දියාවේ මහරාජලා වැනි වංශවත් පරම්පරාවල ප්‍රභූන්ට ආරාධනා කරන රාත්‍රී භෝජන සංග්‍රහ වල සුවිශේෂි තැනක් රිලා මොළ හෝජනයට ඇත. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ගව ඝාතනය තහනම් වුනත් ලෝකයේ තෙවන හෝ පස්වන තැනට ගවමස් අපණයනය (එක්ස්පෝට්) කරන රට ඉන්දියාවයි. “උපාසක…සක, රා බෝතල් දෙක…දෙක කියලා කියන්නේ මේකටයි

:       2       27

Rawi Wednesday, 19 April 2023 03:00 PM

කාරියවසම් ආචාරියා හිතාගෙන ඉන්නේ මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලද ? ඉන්දියාව තමන්ගේ ශුද්ධ සත්වයා වන ගවයා මස් කරලම පිටරට පටවන බව දන්නේ නැත්ද? රිළවුන් මරල මස් කරල එවන්න නොකියා පණ පිටින් අරගෙන යන එක හොඳ නැත් ද මෝල් වහන්සේ? ඇන් ජී ඕ ඩොලර් වලට කහින එක පොඩ්ඩකට නවත්වල මේක පිළිවෙලක් කරගන්න දෙනවද පොඩ්ඩකට.

:       4       19

ගමේ එකාලා Wednesday, 19 April 2023 03:07 PM

ගම්වල ජීවත් වෙන අයට රිලවුන් ගෙන් වෙන කරදර වලට කවුද වග කියන්නේ ? එක පැත්තකින් අලින්ගෙන් කරදර . හැම පැත්තෙන් ම තැලෙන්නේ ගම්වල ජීවත් වෙන මිනිස්සු ?

:       1       14

hemal Wednesday, 19 April 2023 04:12 PM

කාරියවසම් සෑර්... වවන්නේ අපි. ඒවා විනාස කරන රිලව් ඔයාට ගෙනත් දෙන්නම් ගෙදරටම. වැඩිය නෙමෙයි 100ක් වගේ.

:       0       11

ප්‍රියශාන්ත Wednesday, 19 April 2023 04:34 PM

මොකුත් කරන්න එපා... අපේ වගා බිම්වල ඉන්න රිලව් ඔය මහත්වරුන්ගේ නිවෙස්වලට ගිහින් දමන්න...

:       0       8

Bamunuarachchi Wednesday, 19 April 2023 06:49 PM

ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවන්නේ ගෝපාල් බග්ලේ රිලවුන්ගේ කව්ද?

:       0       8

බණ්ඩා Wednesday, 19 April 2023 06:57 PM

ඉතින් ඉන්දියාවට පැටෙව්වා නම් ඉවරයිනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site