
(අංජුල මහික වීරරත්න)
වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීමට පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විවේචන එල්ල කළත් තම වගා බිම්වලට රිලවුන් ඇතුළු අනෙකුත් සතුන් කරන හානියට ඔවුන් සතුව විසඳුම් නැති බවත් ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
කෙසේ වුවද චීනය විසින් රිලවුන් සත්වෝද්‍යාන වලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.
මේ අතර රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත. එම කූඩු භාවිතා කිරීම සඳහා රිලවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණින් කැලෑවල් හෙළිකරලා සත්තුන්ටත් ඉන්න දෙන්නේ නැහැ.
කොළඹට සහ ප්‍රධාන නගරවලට රිළවු ලක්ෂ ගණනක් ගෙනත් දාමු. එතකොට ඔය රිලාප්‍රේමීන්ම කූඩු අරගෙන ඔවුන් අල්ලන්න එයි...
දියවන්නාවේ 225, දුස්සීල චීවරධාරීන් සමග අසරණ ගොවියන් ගැන නොහිතන NGO පරිසර කාරයොත් චීනයට පටවමු...
ඔය කූඩු ටිකක් දියවන්නාවට යන පාරවල්වල තියන්න බැරිද? එහෙත් හරියට පනින එවුන් ඉන්නවා.
කළුතර පැත්තේ කක්කුස්සි කටක් තියෙන තඩි රිලවෙක් ඉන්නවා පනින්න බලාගෙන...
රිලව් කියන්නේ ඥාණාන්විත සතුන් කොට්ඨාශයක්. මේ කූඩුවකට එක රංචුවකින් එක රිලවෙක් අල්ලා ගන්න පුළුවන් වේවි. ඉන්පසුව ඒ රංචුවේ රිලව් නම් මේ කූඩුවට අහුවෙන එකක් නැහැ...
දුස්සීල චීවරධාරීන් කියලා හඳුන්වනවාට වඩා මට දැනෙන්නේ, "ශ්‍රමණ ප්‍රතිරෑපක" යන වචනය සුදුසු නැද්ද? කියලයි...
රිලව් අල්ලන එක අපිටත් කරන්න පුළුවන්... ප්‍රශ්නය අල්ලාගත්තු එවුන්ට මොකද කරන්නේ කියන එකයි...
කැලේකට වෙලා ඉන්නවා නම් කමක් නෑ...! කැලේ ඉන්න රිලව් ගම්වැදිලා වගා විනාශ කරන එක සහ ඒකේ ආතල් එක සීතල කාමර නෝනලාට, මහත්තුරුන්ට තේරුම් ගන්න බෑ.. ජීවිතේ ගැටගහගන්න එක දවසක් හරි වගාකරලා තියන කෙනෙක් තමයි රිලව් දෙන ආතල් දන්නේ...
චීනේ මයිනෝ සහ කපුටෝ ගන්නේ නැද්ද….?
රිළව් ඇල්ලිල්ලට ගොඩක්ම රිදිලා තියෙන්නේ අගනුවර බැල්කනි ගොවියන්ට...