රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව එම කාලය 2021මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍ර ලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන හෙයින්, එසේ රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ලාභීන් මාර්ගයේ රිය ධාවනයේ දී සිදුවන අපහසුතාවයන් මගහැරලීම සඳහා (මෝටර් රථ පනතේ 203 වන වගන්තිය) මෙලෙස කාලය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
මින්පෙර 2020 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබූ රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමේ කාලය මෙලෙස මාසතුනකට දීර්ඝ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හරියට පොලීසියේ කට්ටියට කියලා තියන්න. මොකද යන යන තැන අපිට පත්තර අරන් යන්න බැහැනේ.. නේද? පොලීසියට දඩයක් ගහන්න ඕනෑ වුණොත් ඕවා මොකවත් නොකියා දඩ ලියනවා. මගේ ලිව්වොත් නම් නිකම් හරි.., මම නම් නඩු දාලා ඉල්ලනවා මට වුණු අපහසුතාවයටත් එක්කම...
රියදුරු බලපත්රවල වලංගු කාලසීමාව අවුරුදු 15 දක්වාත් දිගු කරන්න. රියදුරු බලපත් අලුත් කරන්න ගියාම දවසක්ම රස්තියාදු වෙන්න වෙනවා. පෝලිම් හරිම දිගුය.