(යොහාන් භාසුර)
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වේ.
මෙම තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරයි.
ඔස්ට්‍රියාවෙන් ඇනවුම් කර ඇති මෙම කාඩ්පත් මිලියන සඳහා යූරෝ 690,000 ක් ගෙවිය යුතු වුවද එම යූරෝ ප්‍රමාණය මහ බැංකුවෙන් නිකුත් නොකිරීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද සුහුරු කාඩ්? කවදාවත් ඔය චිප් එක පාවිච්චි කරලා තියෙනවද? නිකන් සල්ලි නාස්ති නොකර ඔය අඩු වියදම් කාඩ් එකක් කළින් වගේ දුන්නා නම් ඇති නේද?
බලනකොට හැම එකක්ම රටින්නේ... අපිට මුකුත්ම බැරිය...
මේවා ඉස්සෙල්ලා ලොක්කාගෙන් අහලා දැම්මා නම් හොඳයි.. නැත්නම් පස්සේ කියනවා එහෙම නෑ කියලා... දැන් තෙල්වලටත් එහෙම කියනවනේ...
මගෙත් දින ඉවර වෙන්න ලඟයි