(ජේ.කේ.එල්.චාමින්ද පිටිගල ඩි.ජේ.විජේසිංහ)
ඇල්පිටිය බස් නැවතුම්පොලෙහි නවත්වා තිබු ලංගම බසයකට නැගි නාඳුනන පුද්ගලයකු බසයේ කොන්දොස්තර හා රියදුරු බසයේ නොමැති අවස්ථාවේදී බසය ධාවන කර රැගෙන යමින් සිටියදී ඇල්පිටිය බටුහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
උඩුගම ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය මීගමුව බලා යාමට උඩුගම ඩිපෝවෙන් පිටත්ව තිබේ. අනතුරුව ඇල්පිටිය බස්නැවතුම් පොළේ බසය නතරකර රියදුරු හා කොන්දොස්තරවරයා බසයෙන් බැස ගිය අවස්ථාවේදී බසයට නැගුණු මෙම පුද්ගලයා මගීන්ද සිටියදී බසය රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම පුද්ගලයා බසය කිලෝමිටර්යක් පමණ ධාවනය කරගෙන ගොස් ඇති අතර , බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා ත්‍රී රෝද රථයකින් බසය පසුපස ගොස් බසය නවත්වාගෙන බසය රැගෙන ගිය පුද්ගලයා ඇල්පිටිය පොලිසියට භාරදී ඇත.
ඔහු මෙවැනි ක්‍රියාවක් සිදු කළේ ඇයි දැයි යන්න පිළිබඳව නිසි තොරතුරක් නොමැති අතර ඔහු මානසික රෝගයකින් පෙළෙන අයකුද යන්න පරීක්ෂා කෙරන බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයේ යතුරු තියලද රියදුරා එලියට වෙලා ඉඳල තියෙන්නේ?
රියදුරා බසයෙන් බැස ගියේ එන්ජිම ක්‍රියාවිරහිත කරලා යතුර අරගන්නේ නැතුවද.
මානසික රෝගියෙක් වෙන්න ඇති. ආණ්ඩුවක් පදවාගෙන යන්න මානසික රෝගීන්ට පුළුවන් නම් බස් එකක් පදවාගෙන යන එකත් වැඩක්ද?
ඔහු මානසික රෝගියකු බවට සැක නැත. කෙසේ වෙතත් යතුර වාහනයේම තබා ගිය රියැදුරු වැරදිකරු වෙයි.
ලංකාවේ බහුතරයක් බස් නවත්වලා තියෙද්දිත් එන්ජිම පණ ගන්වලා තියන එක පුරුද්දක්. ඒක කොච්චර පරිසරයට, වෙනත් බස් එකක් එනකල් ඒ අවට ඉන්න අයට කොච්චර හොඳද කියලා හොයන්න වෙනවා. බස් එකක් නවත්වලා තියෙද්දී එන්ජින් දහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය බස් එක දුවන කොට පිටවන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි .
ලංගම බස් බොහොමයක් පණ ගැන්වීම සඳහා යතුරු අවශ්‍ය නැත. බොත්තමක් තද කිරීමෙන් බොහොමයක් බස් පණ ගැන්විය හැක. මේ නිසා ඩිපෝ එකේ වුවද ඕනෑම රියදුරෙකුට ඕනෑම බසයක් පණ ගන්වා එය නවතා තිබෙන ස්ථානයෙන් වෙන තැනකට ගෙන යා හැක.
ඔක්කමට කලින් රියදුරුව අත්අඩංගුවට ගන්න ඕනේ කිසිම පරිස්සමක් වත් වගකීමක් වත් නැතිව බස් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත නොකර යතුරත් බසයේ දමා යාම පිළිබඳව.
දෙයියනේ කියල අපේ රටට වෙලා තියෙන්නේ මේකම නේද? සුසුස්සෝ පැත්තකට දාල මානසික ලෙඩ්ඩු ටිකක් රට බලෙන් වංචාවෙන් අල්ලාගෙන පාලනය කරනවා
කොහොමද දන්නේ මේක පණ ගන්වලා තිබුණා කියලා. එන්ජිම නවතලා තිබුනේ නෑ කියලා කියන්නේ කොහොමද?
ෂුවර් එකට හෝල්ට් එකේ පැය ගානක් බස් එක නවත්වා ගෙන ඉන්න ඇති.බැරිම තැන මගියෙක් බස් රථය පදවාගෙන යන්න ඇති.....
වෙන රටවල ඕප දූප අපිට වැඩක් නෑ
මනෝජ් ඔබ හරි ඒක තමයි වෙලා තියෙන්නේ