(ඉන්දිකා  රාමනායක)

දිවයින පුරා ඊයේ (2 ) රිය අනතුරුවලින්  පුද්ගලයන් 15 ක් ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස අතරින් 12  දෙනකු දිනය තුළ සිදු වු අනතුරු වලින්  මියගොස් ඇති බවත්,  සෙසු තිදෙනා මීට පෙර  රිය අනතුරු වලට ලක්ව රෝහල් ගත වී සිටිය දී ඊයේ දිනයේ  මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නිතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.ප්‍රදේශයේ සිදු වූ අනතුරු වලින් අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇත.

පෙරේදා (1) දිනය තුළ සිදු වු අනතුරු වලින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරා කියා සිටියේය.

උත්සව සමයේ දෙසැම්බර් 25 වැනි දින සිට ඊයේ (2) දක්වා සිදු වු  සමස්ථ රිය අනතුරු වලින් පුද්ගලයන් 86  දෙනෙකු මියගොස් ඇකි බවද පොලිසිය පවසයි.

මෙම සියලු අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.